Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st January 2022 20:07:06 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරන ලද තවත් මහඟු සත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට වසර 32 ක් සපිරීම නිමිත්තෙන් 2021.10.23 වන දින පැවැත්වූ අභිමානවත් සංවත්සරයට සමගාමීව දැනට ලෝකය පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපනය හදාරනු ලබන දූ දරුවන් හට නව තාක්‍ෂණය භාවිතා කරමින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවී ඇති අතර, එලෙස මාර්ග ගතව අධ්‍යාපනය ලබන පාබල හමුදා රණවිරු දූ දරුවන් හට ශක්තියක් වන්නට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ උපදෙස් මත සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සම්බන්ධීකරණයෙන් ලැප්ටොප් යන්ත්‍ර සහ ටැබ් යන්ත්‍ර පරිත්‍යාගයක් සිදුකරන ලදි. එම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිතුමන්, ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සමාජිකාවන් සහ මහාකාරක සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගීවූ අතර, දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව අදාළ පරිත්‍යාග උත්සව කටයුත්ත ඉතා චාම් අන්දමින් සිදු කරන ලදී.