Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th July 2021 14:47:46 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව විසින් සිදුකරමින් පවතින තවත් ප්‍රජාසත්කාරයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සී ගුණතිලක මහත්මිය විසින් පරිත්‍යාග කරන ලද රු: 600,000.00 ක මුදල සහ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් යෙදවු රු: 340,030.00 මුදල සමඟ සම්පූර්ණ වටිනාකම වන රු: 940,030.00 ක මුදලක් වැයකර රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/314506 බනි II සම්පත් එන්ඩීසී (ආබාධිත) යන බලලත් නිලධාරී වෙනුවෙන් නව නිවසක් ඉදිකරන ලදී. එහි ඉදිකිරිම් මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, එම නිවස දානපතිනි සී ගුණතිලක මහත්මිය සහ යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් නුදුරේදී විවෘත කිරීමට නියමිතව ඇත. එම නිවසේ සිවිලිම සැකසිීම අවසන් කිරීමට නියමිත බැවින් ඒ වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රු: 15,000.00 ක වටිනාකමකට අදාළ ප්‍රේශණපතක් කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව 2021.07.27 වන දින ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රෙම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මියගේ සුරතින් තත් බලලත් නිලධාරී හට පරිත්‍යාග කරන ලදී. එම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරී සහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී සහභාගී වන ලදි.