Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th August 2021 14:17:09 Hours

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ මුල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදිමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් මත ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ශීරෝමාලා කොඩිතුවක්කු මැතිණියගේ පුර්ණ මගපෙන්වීම මත ක්‍රීයාවට නංවන ලද ශ්‍රීලපාහ රෙජිමේන්තුවේ සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවෙකු හට නිවසක් ඉදිකර දීමේ මහඟු සත්කාරයේ දෙවන පියවර යටතේ 16 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රමදායකත්වයෙන් අංක 16, ෆ්ලවර්ස් ටෙරස්, නායාගොඩ, රත්ගම ලිපිනයේ පදිංචි එම ඒකකයට අයත් සෙ/16ඩී00503 කෝප්‍රල් ද සිල්වා එස්එන්පී හට රු. 2,000,000.00 ක් වටිනා නව නිවසක් ඉදිකර 2021.08.12 වන දින 1500 පැයට යෙදුන සුභ මොහොතින් නිවාසලාභී කොනොනි හට නිවසේ යතුර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන) ලුතිනන් කර්නල් ඕඑන් මානගේ ආර්එස්පී ශ්‍රීලපාහගේ සුරතින් භාරදෙන ලදී. තවද මෙම උත්සවය ඉතා චාම් අයුරින් සිදුකරන ලද අතර එය දැනට රටේ පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකුලව සිදුකරන ලදී.