Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th November 2020 07:09:39 Hours

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ මුල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදිමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මග‍පෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනී අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේද මූල්ය මය දායකත්වයෙන් 16 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයට අයත් එක්දරු පියෙකු වන දැනට පදිංචියට නිවසක් නොමැති රණවකගෙවත්ත, උනින්දුවෙල, තෙලිජ්ජවිල යන ලිපිනයේ පදිංචි සෙ/ඩී100638 සාසෙ ප්‍රියශාද් ටීකේඑන්ජී (නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටියදී හදිසි අනතුරකින් මියගිය) යන සෙනීගේ පුද්ගලික මුදලින් රු:200,000.00 ක මුදලක් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් රු:800,000.00 ක මුදලක් වැයකර 16(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ පූර්ණ අධීක්ෂිණය සහ රෙම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරන ලද අතර, විෂය ගත සෙනීගේ ලගම ඥාතියාගේ දැඩි ඉල්ලීම මත නව නිවස ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2020.11.26 වන දින 1030 පැයට යෙදුන සුභ මොහොතින් විවෘත කර තත් සෙනීගේ ලගම ඥාතියා හට භාරදෙන ලදී. මෙම අවස්ථාව දැනට රටේ පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව ශ්‍රී ලංකා පාබල හමුදා මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් පිරිසක්ද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා චාම් අයුරින් සිදුවීම විශේෂත්වයකි