Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th January 2019 20:52:43 Hours

ශ්‍රීලපාහ ක්‍රීකට් කණ්ඩයමේ පුහුණුවිම් සදහා පුහුණු පැති විකට්ටුව විවෘත කිරිම

ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීකට් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එම්පී ගුණසිංහ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රීලපාහ ක්‍රීකට් කණ්ඩායමේ පුහුණුවිම් සදහා අත්‍යවශ්‍යව තිබු නවතමයෙන් ඉදිකරන ලද 'පුහුණු පැති විකට්ටුව' රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් වර්ෂ 2019 ජනවාරි මස 08 වන දින විවෘත විය.

ශ්‍රීලපාහ ක්‍රීකට් කණ්ඩායමේ එදිනෙදා පුහුණුවිම් අවශ්‍යතාවය සදහා 2018 ඔක්තෝබර් මස ඉදිකිරිම් ආරම්භ කරන ලද මෙම පුහුණු පැති විකට්ටුව 33' X 10' ප්‍රමාණයේ කොටස් දෙකකින් සමන්විත වන අතර, මේ සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් රු: 350,000.00 ක මුදලක් වැයදරා ඇත. මෙය ශ්‍රීලපාහ ක්‍රීකට් ක්‍රිඩකයින්ගේ දක්ෂතා හා කුසලතාවයන් වර්ධනය සදහා ඉවහල්වේ යැයි අපේක්ෂා කරයි.