Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th September 2018 10:17:09 Hours

ශ්‍රීලපාහ අන්තර් ඒකක මලල ක්‍රීඩා තරගාවලිය - 2018

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ක්‍රීඩා කුසළතා ඔප්නැංවීමේ අරමුණින් ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීලපාහ මලල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරන ලද ශ්‍රීලපාහ අන්තර් එකක මලල ක්‍රීඩා තරගාවලිය සියලුම නිත්‍ය සහ ස්වේච්ඡා ශ්‍රීලපාහ ඒකක සහභාගීත්වයෙන් 2018 සැප්තැම්බර් මස 03 සහ 04 යන දිනයන්හිදී අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

තරගාවලියේ සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා පාබල හමුදා මහ කාරක ස‍භාවේ සාමාජික මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඔලිම්පික් පහන දල්වා ක්‍රීඩා ඉසව් සදහා ආරම්භය සනිටුහන් කරන ලදී. දෙදිනක් පුරා පැවති මෙම මලල ක්‍රීඩා තරගාවලියේ දී ඒකක වෙතින් සහභාගී වූ සියලුම ක්‍රීඩකයන් තම දක්ෂතාවයන් මැනවින් විදහා දක්වමින් දැඩි තරගකාරි බවක් පෙන්නුම් කරමින් තරගවැදුන අතර, විශිෂ්ඨයන් සදහා ජය සංකේත ප්‍රදානය හා තරගාවලිය සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් සිදුකරන ලදී. ඒ අනුව අන්තර් ඒකක මලල ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වූ ඒකක 22ක් අතුරින් කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සමස්ථ ශූරතාවය 15 ශ්‍රීලපාහ විසින් හිමිකරගත් අතර, අනුශූරතාවය රෙජිමූබ ශ්‍රීලපාහ වෙත හිමිවිය. හෙල්ල විසිකිරීමේ තරගයට සහභාගී වී මී' 55 සෙමි' 11ක දුර ප්‍රමාණයක් හෙල්ලය විසිකරමින් අන්තර් ජාතික මලල ක්‍රීඩා ලකුණු සටහනට අනුව ලකුණු 749ක් ලබාගත් රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/5ඩී02673 ලාකෝ ඒකනායක කේජීජී සමස්ථ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලබන ලදී.

ශ්‍රීලපාහ අන්තර් ඒකක මලලක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල විචිත්‍රවත් කිරීම සදහා යුද්ධ හමුදා අංගම්පොර කණ්ඩායම විසින් ඉතා අලංකාරවත් අංගම්පොර සංදර්ශනයක් ඉදිරිපත් කරන ලද අතර, ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති තුමන් විසින් 2018 ශ්‍රීලපාහ අන්තර් ඒකක මලලක්‍රීඩා තරගාවලිය ඉතා සාර්ථකව අවසන් වූ බවට නිවේදනය කර තරගාවලියේ සමාප්තිය නිල වශයෙන් සනිටුහන් කරන ලදී. මලල ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල සදහා 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 58 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑල්එස්කේ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, 55 වන සේනාංකාධිපති හා මලල ක්‍රීඩා තරගාවලියේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටු ලේකම් හා ශ්‍රීලපාහ මලල ක්‍රීඩා කමිටු සභාපති බ්‍රිගේඩියර් සී රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ රෙජිමේන්තු මහා කාරකසභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් විශාල සංඛ්‍යාවක් ද රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයින් විශාල පිරිසක් ද සහභාගී වන ලදී.