Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th January 2020 19:09:41 Hours

ශ්‍රි ලංකා පාබල හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ සුහද හමුව 2020

ශ්‍රි ලංකා යුද්ධ හමුදා‍වේ පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ සුහද හමුව අති උත්කර්ෂවත් අන්දමින් දෙවන වරටත් 2020 ජනවාරි මස 18 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන නිළධාරි නිවස්නයේදි පවත්වන ලදි.

මෙම සුහද හමුවට ශ්‍රි ලංකා පාබල හමුදාවෙන් බිහිවු යුද්ධ හමුදාපති වරුන් වන ජෙනරාල් එස්ඵච්ඵස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි අර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි සහ ජෙනරාල් ආර්එම්ඩි රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි අර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ හිටපු රෙජිමේන්තු අධිපති වරුන් මෙන්ම තවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරි වරුන් හා එම මැතිණියන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර ශ්‍රි ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති තුමන් හා එම මැතිණිය, ශ්‍රි ලංකා පාබල හමුදා මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් හා මැතිණියන් මෙන්ම මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළුම නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වන ලදි.

ශ්‍රි ලංකා පාබල හමුදාවට මෙන්ම සමස්ත යුද්ධ හමුදාවටම ඉතා අනගිභවනීය සේවයක් ඉටුකල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් හා එම මැතිණියන් ශ්‍රි ලංකා පාබල හමුදා නිළධාරි නිවස්නයේදි රෙජිමේන්තු අධිපති තුමන් හා මැතිණිය, මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරි වරුන් හා එම මැතිණියන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හා නියෝජ්‍ය සේනාවිධායක තුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. අනතුරුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඉතාමත් කාලෝචිත කතාවක් පවත්වා පැමින සිටි සියලුම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ලා හට හා එම මැතිණියන් හට වටිනා සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදි. අනතුරුව සුහද කථාවන් හා අතීතාවර්ජන සිද්ධීන් අතරතුර ශ්‍රි ලංකා යුද්ධ හමුදා"පැදුර" සංගීත වෘන්දයේ මියුරු තත්සර නාදයට පැරණි ජනප්‍රිය ගී තනු මුසු කරමින් මනස්කාන්ත සංගීත රසාස්වාදයක් සුහද හමුවට එක් කරන ලදි.

හෝරා කිහිපයකින් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වීමෙන් පසු සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලද අතර, මෙවැනි විශේෂ වූ සුහද හමුවක් සංවිධානය කරමින් ඔවුන් වෙත දැක්වූ ගෞරවය පිළිබදව රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු සියලුම නිලයන් වෙත සිය කෘතඥතාවය පුද කරමින් උත්සවයේ නිමාව සනිටුහන් කරන ලදි.