Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th November 2020 23:00:21 Hours

ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ මූල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදීමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම් යටතේ 2(සෙව්) ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/ඩී100632 කෝප්‍රල් ආරියවංශ ඩීඑල්ආර් යන කොනොනිගේ නව නිවස ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සදහා අනුමත කරන ලද රු:800.000.00 ක මුදලින් අවසාන වාරික මුදල වන රු:200.000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් සහ1 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/319829 ලාකෝ සම්පත් කුමාර එල්ජී යන කොනොනිගේ අඩක් නිම කර ඇති නිවසේ ඉතිරි වැඩ කටයුතු සදහා අනුමත කරන ලද රු:150.000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් දැනට රට තුල පවතින කොරෝනා වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව 2020.11.24 වන දින රෙම ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපතිතුමියගේ සුරතින් තත් කොනොනීන් හට පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමා සහ 1 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි තුමා ඇතුළු සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී තුමන් සහභාගී වන ලදී.