Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

22nd May 2024 15:35:48 Hours

වෙසක් පුන් පොහෝ දිනයට සමගාමීව සුමධුර ධර්මදේශනයක්

ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු තෙමඟුල යෙදී ඇති පින්බර වෙසක් පුන් පොහෝ දිනයට සමගාමීව නාරද බෞද්ධ ධර්මායතනාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ වැඩමවීමෙන් 2024 ක් වූ මැයි මස 21ක් වන දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිංශ්‍රයේදී සුමධුර ධර්මදේශනයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මිහිඳු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ පිංබර සංකල්පයකට අනුව, පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ඇතුළු ශ්‍රීලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළුම නිලධාරින් හා සෙසුනිලයින්ගේ ආගමික නැඹුරුව වැඩිදියුණු කිරිම හා මානසික ඒකාග්‍රතාවය දියුණු කිරිම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක තුමන් ඇතුළු සියළුම කාර්‍යමණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම මෙම ධර්මදේශනා වැඩසටහන පවත්වන ලදී.