Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th November 2018 09:17:12 Hours

වෙඩි පිටියේ අති විශිෂ්ඨ දස්කම්පා ශ්‍රීලපාහ රෙජිමේන්තුවට මහත් අභිමානයක් ගෙනදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුලු අවි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරඟාවලිය - 2018, වර්ෂ 2018 ක් වු ඔක්තෝබර් මස 25 දින සිට නොවැම්බර් මස 03 දින දක්වා යුද්ධ හමුදා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල - දියතලාව හි සංග්‍රාමික වෙඩි පිටියේදී සාර්ථකව පවත්වන ලද අතර, එම තරඟාවලියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පැවති වෙඩිතැබිමේ තරඟයේදි ඉතා මැනවින් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගනිමින් හා නිවැරදිව, වේගවත්ව ඉලක්ක පත් වෙත යොමු වෙමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට 24 වන සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සමත් විය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තම දක්ෂතා මැනිවින් පිළිබිඹු කරමින් බ්‍රිගේඩියර්/මේජර් ජෙනරාල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තරඟයේදී ලකුණු 212 ක් ලබාගනිමින් සමස්ථ තරඟාවලියේදී ජ්‍යෙෂ්ඨ නිලධාරි අංශයේ දෙවන ස්ථානය දිනාගැනීමට සමත්වු අතර, මෙම වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබිමේ තරඟාවලි ඉතිහාසයේ මේජර් ජෙනරාල් නිළයෙන් ඉදිරිපත් වී ලබාගන්නා ලද ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා විය.

අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබිමේ තරඟාවලියේදී අති විශිෂ්ඨ දක්ෂතා දැක්වුවන් සඳහා යුද්ධ හමුදාධිපති තුමන් විසින් හිමිගන්වනු ලබන පදක්කම හා ප්‍රගුණ වෙඩික්කරු ලාංජනය පැළදීමේ භාග්‍යය හිමිකරගනිමින් ශ්‍රී ලංකා පාබල හමුදාවට මහත් අභිමානයක් ගෙනදුන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු සියළු නිළයින්ගේ සුභාංශිංසන මෙසේ පිළිගන්වන්නෙමු.