Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
01st August 2024 18:04:56 Hours
විධායක අධිකාරීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක්
යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ බළඇණි විධායක අධිකාරීවරුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පුහුණු වැඩමුළුවක් 2024 ජූලි මස 22 දින සිට 26 වන දින දක්වා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පවත්වන ලදී. දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් මෙම සුවිශේෂී වැඩමුළුව සඳහා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිත්‍ය හා ස්වේච්ඡා බළඇණි නියෝජනය කරමින් නිලධාරීන් 16 දෙනෙකු සහභාගී වූහ. ක්‍රමවත් පුහුණූ කාලසටහනකට අනුව දින පහක් පුරා ක්‍රියාත්මක කරන ලද මෙම පුහුණු වැඩමුළුවේ දේශණ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුබසාධක අධ්යක්ෂ මණ්ඩලය, නීති අධ්යක්ෂ මණ්ඩලය හා ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලය යන ආයතන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී විය. තවද දේශනවලට අමතරව ශාරීරික අභ්‍යාස, සරඹ හා යෝගා ව්‍යායාම ආදියද මෙයට අන්තර්ගත වූ අතර, වැඩමුළුවට සහභාගී වූ නිලධාරීන්හට මෙමගින් න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ද ලබාගැනීමට හැකිවීම විශේෂත්වයකි. විධායක අධිකාරී වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කරමින් අවසන් දේශණය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගී වූ අතර, එදින වැඩසටහනට සහභාගි වු සියළුම නිලධාරීන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහක් පවත්වා වැඩමුළුවට සහභාගීවූ දේශකයින්ට හා නිලධාරීන්හට සහතිකපත් හා විශේෂ සමරු තිළිණ ප්රදානයකර සාර්ථක පුහුණු වැඩමුළුවක් නිමාවට පත්කරන ලදී.