Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd November 2019 16:30:02 Hours

රෙම ශ්‍රීලපාහ නිලධාරි පුහුණු දිනය - 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් අනුව නිලධාරින්ගේ පුද්ගලික හැකියාවන්, දැනුම හා නායකත්ව ගුණාංග වර්ධනය කිරිම සදහා රෙජිමේන්තු මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන නිලධාරි පුහුණු සැලැස්ම යටතේ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරින් වෙනුවෙන් 2019 වර්ෂය සදහා පවත්වනු ලබන මෙම වසරේ අවසන් පුහුණු දින වැඩ සටහන ශ්‍රිලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ මාර්ගෝපදේශණයෙන් සහ සහභාගිත්වයෙන් වර්ෂ 2019 ක්වු නොවැම්බර් මස 22 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය - පනාගොඩ හීදි ඉතා සාර්ථකව පවත්වනු ලැබීය.

ශ්‍රීලපාහ රෙජමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අ‍රෙසේ/ යාකිරිම් මත හා බළඇණි වල රාජකාරි කරනු ලබන ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා කණිෂ්ඨ නිලධාරින් 160 ක් පමණ සහභාගිත්වයෙන් පැවති මෙම නිලධාරි පුහුණු දින වැඩසටහන උදෑසන ශාරිරික අභ්‍යාස සිදු කිරිමෙන් ආරම්භ කළ අතර, රෙජිමේන්තු අධිපත් තුමන්ගේ ආරම්භක දේශණයෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර්නල් එම්එන් ගුණවර්ධන පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් යුධ හමුදා සිරිත් විරිත් හා සම්ප්‍රධායන් (The Customs and Traditions of the Resilient Regiment) පිළිබදව හරවත් දේශණයක් සිදුකරන ලද අතර, එම දේශණයෙන් පසු ඉන්දු පැසිෆික් කලාපයේ බල තරඟය සහ ශ්‍රී ලංකාවට ඇති අභියෝග (Power Rivalry in the Indo Pacific Region and Challenges to the Sri Lanka) පිළිබද කාලින වටිනා කමින් යුත් දේශණයක් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කතිකාචාරණි භාග්‍යා සේනාරත්න මහත්මිය විසින් සිදුකරන ලදී.

ඉන් අනතුරුව නිලධාරින් විසින් සැදැ ක්‍රිඩා වල යෙදිමෙන් අනතුරුව රාත්‍රි කාලයේදි රෙජිමේන්තු නිලධාරි නිවස්නයේ දි ආරාධිත දේශකයෙකු වශයෙන් පැමිණි කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පීඨාදිපතිණි ආචාර්ය නිමාලි සිරිසෝම මත්මිය විසින් අනාගත තාක්‍ෂණයන් සමඟ අනාගත සංවර්ධනයේ අභියෝගයන් (Challenges in Future Development with Future Technologies) පිළිබද ඉතා හරවත් දේශණයක් සිදුකරන ලදී. පසුව රෙජිමේන්තු අධිපති තුමා විසින් ආරාධිත දේශක තුමිය වෙත සමරු තිළිණ ප්‍රධානයෙන් අනතුරුව සහභාගි වු සියළුම නිලධාරින් වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා සාර්ථක පුහුණු දිනයක නිමාව සනිටුහන් කරන ලදී.