Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th July 2020 17:49:35 Hours

රෙම ශ්‍රීලපාහ කාර්යාල සංකීරණය විවෘත කිරීම

ශ්‍රී ලංකා පාබල හමුදා ඉතිහාසය පුරාවෘත්තයන් පිරි ඉතිහාසයකි. එවන් යටගියාවක් තුල පාබල හමුදාව සතු එක් පුරාවෘත්තයක් වු හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු, රෙජිමේන්තු අධිපතිවරයෙකු මෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරය හොබවන ජෙනරාල් දයා රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී වීඒස්වී ඒන්ඩීයූ පීඒස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින් අද දින මෙම රෙජිමේන්තුවෙහි සුවිශේෂි කටයුත්තක මුලාරම්භය සනිටුහන් කරන ලදී. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුල තිබු සංකල්පයක් මත රෙජිමේන්තුවේ කාර්යාල කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑමට සියළු පහසුකමි විලින් සපිරි තෙමහල් කර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමට සැලසුම් කර තිබුනි. එම අදහස යම් කලකට පසුව හෝ ඵලදරණු ලැබීය.

වත්මන් රෙජිමේන්තු අධීපති තුමන්ගේ මගපෙන්වීම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ අධික්‍ෂණය යටතේ මේජර් යූඑල්ඩීකේ පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මූලිකත්වයෙන් රෙජිමේන්තු සංවර්ධන වැඩ කණ්ඩායම් සහ ඉසේරෙ සෙබලුන්ගේ පුර්ණ දායකත්වයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකරන ලදී.වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සීජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනාවක් අනුව මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජෙනරාල් දයාරත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී වීඒස්වී ඒන්ඩීයූ පීඒස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සාකච්චා ශාලාවක්, නියෝජ්‍ය සේනාවිධායක කාර්යාලය, විධායක අධිකාරි කාර්යාලය, දවසේ කාර්යභාර නිලධාරීන්ගේ කාර්යාල සහ විවේක ගැනිමේ කාමර වලින් සමන්විත සම්පුර්ණ වායුසමනය කරන ලද පළමු මහල අද දින සුභ මොහොතින් (2020.07.29) රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සදහා පවරාදෙන ලදී.