27th February 2025 13:08:16 Hours
ආඥාපති ආසේමූ (යාපනය) සහ පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ඉදිරි දැක්ම මත පදනම්ව රෙජිමේන්තුවට අයත් සියලුම නිලයන්ගේ සුබසාධන කටයුතු කාර්යක්ෂමව ඉටුකරදීම හා රාජකාරි කටයුතු ක්‍රමවත්ව සිදුකරගැනීමේ නව සංවර්ධන සැලැස්මට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ සුබසාධන ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
එලෙස පාබල හමුදා රෙජිමේන්තු පරිශ්‍රයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් වන රෙම ශ්‍රීලපාහ නිලධාරී නිඩාඩු නිකේතනය, "BUGLERS HOLIDAY INN" ඉතා කෙටි කාලසීමාවක් තුළ සියලුම ඉදිකිරීම් කටයුතු අවසන් කර 2025 පෙබරවාරි මස 26 වන දිනට යෙදුනු සුබ මොහොතින් ආගමික වතාවත් මධ්‍යයේ රෙජිමේන්තු අධිපති විසින් විවෘත කරන ලදී.
මෙහි ඉදිකිරීම් කටයුතු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීමෙන් හා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ලුතිනන් කර්නල් එච්ආර්ඒජේකේකේ බස්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය මත සිදුකළ අතර, මේ සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ඉසේබ සෙබළුන් හා රෙජිමේන්තු සංවර්ධන වැඩ කණ්ඩායමේ සෙබළුන් විසින් ලබාදුන් බැව් විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මෙම විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් හා ජ්‍යෙකොනොනීන් ඇතුළු සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.