Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th December 2020 23:21:58 Hours

රෙජිමේන්තු අධිපති තුමාගේ 2020.12.05 වන දින ශ්‍රීලපාහ ඒකකයන්හි කඳවුරු සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා 13 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය සනිටුහන් කරමින් 10 ශ්‍රීලපාහ, 19 ශ්‍රීලපාහ, 20 ශ්‍රීලපාහ හා 17(සෙව්) ශ්‍රීලපාහ ඒකකයන්හි 2020 දෙසැම්බර් 05 වන දින සිදු කරන ලදි

අභිනවයෙන් පත්වන ලද ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපතිතුමන් දෙවන දිනටත් ශ්‍රීලපාහ ඒකක වල කඳවුරු සංචාරය කරමින් එම ඒකකයන්හි නිළධාරීන් සහ සෙසුනිලයන්ගේ අවශ්‍යතා පිළිබඳ හා ඔවුන්ගේ සියලුම පාලන කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව සිදු කිරීම පිළිබඳව සොයා බැලීම මෙම ඒකක සංචාරයේ මූලික පරමාර්ථය වූ අතර මෙදින පළමුවෙන්ම 20 ශ්‍රීලපාහ සහ දෙවනුව 10 ශ්‍රීලපාහ තෙවනුව 17 (සෙව්) ශ්‍රීලපාහ හා සිව්වනුව 19 ශ්‍රීලපාහ ඒකකයෙහි සංචාර සිදු කරන ලද අතර, එහිදී 20 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් අයිකේඒසී කුමාර ඩබ්ලිව්ඩබලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ, 10 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් එම්ඒපීඑස්බී මංචනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ , 17 (සෙව්) ශ්‍රීලපාහ ඒකක අණදෙන නිළධාරී මේජර් ඒඒඑන්බී අතුරුගිරි ආර්එස්පී ශ්‍රීලපාහ හා 19 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් ඒටීඑල් සෙනවිරත්න ආර්එස්පී යූඑස්පී ශ්‍රීලපාහ විසින් තම ඒකකය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් පිළිගන්නා ලදි.

තවද මෙම සංචාරය අතරතුර ඒකකයන් වශයෙන් ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව රෙජිමෙන්තු අධිපතිතුමන් සියලුම දෙනා පැසසුමට ලක් කල අතර අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරන සියලුම දෙනා විනය ඉතා ඉහල මට්ටමකින් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරගත හැකි බව නිළධාරීන් හා සෙසුනිලයින් හට අවබෝධ කල අතර දැනට ඒකක වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව හා ඊට ඇවැසි උපදෙස් සහ මග පෙන්වීම් පෙන්වා දෙමින් වර්ථමානයේ සොල්දාදුවන් මත්ද්‍රව්‍ය භාවිතයට හා එම ව්‍යාපාර වලට සම්බන්ධවීම හා විවිධ අපචාර ක්‍රියා වලට යොමුවීමේ නැඹුරුවක් පවතින බව භඨපිරිස් අමතා විශේෂයෙන් සදහන් කල අතර එම ක්‍රියා වලින් වැලකී යුද්ධ හමුදාවේ ගෞරවයට හා ප්‍රථිරූපයට හානි නොවන අයුරින් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් හරවත් දේශණයන් ද සිදු කරන ලදි. මෙම සංචාරය සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රමානි 1 ලුතිතන් කර්නල් එච්ආර්ඒජේකේකේ බස්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් ද සහභාගී වන ලදි.