Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

04th November 2019 10:32:43 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ 6 ශ්‍රීලපාහ කදවුරු සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් 2019 නොවැම්බර් මස 02 දින 6 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කදවුරෙහි සංචාරයක නියැලෙන ලද අතර 6 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි මේජර් එම්ඒඒපී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සී ශ්‍රීලපාහ විසින් රෙජිමේන්තු අධිපති තුමා ඉතා උණුසුම් අන්දමින් පිලිගන්නා ලදී. පසුව අණදෙන නිලධාරි තුමන් විසින් ඒකකයේ වත්මන් තත්වය, ඒකකයේ අනාගත අභිලාෂයන් පිලිබද මනා හැදින්වීමක් රෙජිමේන්තු අධිපති තුමා වෙත ඉදිරිපත් කරන ලදි.

ඉන්පසුව මෙතෙක් 6 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කදවුරට අඩුපාඩුවක්ව පැවති සියලු නිලයින්ගේ ශ්‍රමයෙන් ඉදිවු කදවුරෙහි රාජකාරි කරනු ලබන සියලු සිවිල් සේවක මහතුන්ගේ පහසුව සදහා සිවිල් සේවක විවේකාගාරය රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් විවෘත කරන ලදි. තවද මෙහි විශේෂිතම කරුණ වන්නේ වත්මන් රෙජිමේනතු අධිපති තුමන් එකල මෙම ඒකකයේ හයවන දෙවන අණදෙන නිලධාරි සහ හතරවන අණදෙන නිලධාරි ලෙස විශිෂ්ඨ සේවයක් කර තිබීමයි. රෙජිමේන්තු අධිපති තුමා විසින් කදවුරු සංචාරය සහ සිවිල් සේවක විවේකාගාරය විවෘත කිරිම සිහිවීම වස් කදවුරු භූමිය තුල අඹ පැලයක් රෝපණය කරන ලදි.

තවද මෙහිදි ඒකකයේ සියලු නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් යුධ හමුදා සාමාජිකයන්ගේ ඇති වැදගත්කමත්, මනා විනයක් පවත්වාගෙන යාම තුලින් පාබල රෙජිමේන්තුවේ සහ සමස්ථ යුධ හමුදාවේ කීර්ති නාමය රැකගත හැකි ආකාරයත් පිලිබදව ඉතා හරවත් දේශණයක් සිදුකල රෙජිමේන්තු අධිපති තුමා විසින් ඒකකයේ ආරම්භයේ සිට ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමීම සදහා තම කාය දානය සහ ප්‍රාණ දානය කැප කොට ලංකාද්වීපය රැකගත් සියලු විරුවන්ද සිහිපත් කරන ලදි.