07th October 2024 13:51:59 Hours
නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යෑමට නියමිත ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් සම්ප්‍රදායානුකූලව සිදුකරන ලද ශ්‍රීලපාහ බලඇණි සංචාරය 2024 සැප්තැම්බර් මස 18, 25,26 සහ 27 යන දිනයන්හිදී සාර්ථකව සිදුකරන ලදී.
මෙම සංචාරයේදී සෑම බලඇණියකම අණදෙන නිලධාරීවරුන් විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලද අතර, සංචාරයේ පළමු දින එනම් 2024.09.18 වන දින රෙජිමේන්තු අධිපති සිදුකළ 5 (සෙව්) ශ්‍රීලපාහ බළඇණි සංචාරයේදී සියලුම භටපිරිස් අමතා හරවත් දේශණයක් සිදුකරනලදී.
සංචාරයේ දෙවැනි දිනය සනිටුහන් කරමින් 2024.09.25 වන දින රෙජිමූබ ශ්‍රීලපාහ, 20, 8 සහ 2(සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල සංචාරය කළ රෙජිමේන්තු අධිපති පිළිවෙලින් එම බළඇණිවල භටපිරිස් අමතන ලදී.
2024.09.26 වන දින බළඇණි සංචාරයේ තෙවැනි දිනය සමාරම්භ කරමින් 12, 15 සහ 19 යන ශ්‍රීලපාහ බළඇණීවල සංචාරය සිදුකළ රෙජිමේන්තු අධිපති විසින් 7 ශ්‍රීලපාහ බළඇණියේදී 10,11, 9 (සෙව්) සහ 17(සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල භටපිරිස් අමතන ලදී.
2024.09.27 වන දින බළඇණි සංචාරයේ සිව්වැනි දිනය ආරම්භ කළ රෙජිමේන්තු අධිපති 4 සහ 6 යන ශ්‍රීලපාහ බළඇණිවල සංචාරය සඳහා එක්විය. සිව් දිනක් පුරා සිදුකළ සාර්ථක බළඇණි සංචාරයක නියැළුනු රෙජිමේන්තු අධිපති සියලුම භටපිරිස් අමතමින් සෙබළ විනය, රැකියා සුරක්ෂිත භාවය, පුද්ගල ආරක්ෂාවේ නිතීය, මත්පැන්/මත්ද්‍රව්‍ය අවභාවිතය, වැටුප් කළමනාකරණය, වෘත්තිය නිපුනත්වය තුලින් සාර්ථක සොල්දාදුවෙකු බිහි කිරීම යන කරුණු පදනම් කරගනිමින් හරවත් දේශණ සිදු කළ අතර, දේශණයට සහභාගී වූ සියලුම නිලධාරීන්ට හා සෙසුනිලයින්ට තම ජීවිතය අර්ථවත්ව ගොඩනගාගැනීමට අගනා කරුණු මෙම දේශන තුළින් ලබාගැනීමට හැකි විය.
මෙම බළඇණි සංචාරයේදී රෙජිමේන්තු අධිපකි විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බළඇණිවල අණදෙන නිලධාරීවරුන්, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ප්රමුඛ සෙසුනිලයින් ආමන්ත්‍රණය කරන ලදී.