Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th September 2020 10:05:51 Hours

රාජ්‍ය අංශය සඳහා බඳවා ගනු ලැබූ උපාධිධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහනෙහි පළමු අධියර යටතේ ශ්‍රි ලංකා පාබල හමුදාවට අයත් මධ්‍යස්ථාන 5 ක දී ආරම්භ කෙරේ

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එල්එච්එස් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල්හිදී සිදු කරනු ලබයි.

එහි පළමු අධියර යටතේ උපාධිධාරීන් 500 ක් වෙනුවෙන් නායකත්ව හා අභිප්‍රේරණ වැඩසටහන ශ්‍රි ලංකා පාබල හමුදාවට අයත් රෙජිමේන්තු මධ්‍යස්ථනය - පනාගොඩ, 6 ශ්‍රීලපාහ - මිහින්තලේ, 12 ශ්‍රීලපාහ - මුලතිව්, 5 (සෙව්) ශ්‍රීලපාහ - පල්ලේකැල් හා රෙජිමේන්තු පුහුණු පාසල - බූස්ස යන මධ්‍යස්ථාන යන්හී දී 2020.09.14 වන දින රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු අනිකුත් ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ලාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආරම්භ කරන ලදි.