Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th July 2024 11:47:54 Hours

රණවිරු දිරියට සේවාවනිතාවෙන් අත්වැලක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2024.07.06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණශාලාවේදි මෙම රණවිරු අර්ධ නිවාසාධාර වැඩසටහන ආරම්භ කරන ලදී.

යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින තම නිවස ඉදිකර ගැනීමේ කටයුතු අවසන් කර නොමැති විරුවන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, ඉන් මුලික අධියර යටතේ තොරාගත් රණවිරුවන් එකොලොස් දෙනෙකු වෙත නිවසේ වැඩ කටයුතු අවසන් කර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ දෙක බැගින් මුල්‍යාධාර පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා සවියක් වෙමින් ආදී ආනන්දිය 95 කණ්ඩායමේ දායකත්වයෙන් ඒක් රණවිරු නිවසක් සඳහා මුල්‍ය ආධාර මුදල් ලබාදෙන ලදී. තවද මෙම වැඩසටහනට සමගාමීව රණවිරුවන් දෙදෙනෙකුගේ පුර්ණ අබාධිත තත්වයට පත්ව සිටින දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් රෝද පුටුවක් සහ නාන කාමර උපාංග කට්ටලයක් පරිත්‍යාග කිරීම මෙදින සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රමුඛ රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් හා සෙසුනිලයින් සමගින් කොළඹ ආදී ආනන්ද විද්‍යාලයේ 95 කණ්ඩායමේ සභාපති ඇතුළු ඒහි සාමාජිකයින් සහභාගී වන ලදී.