Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th February 2019 17:36:51 Hours

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් විවෘත වු අංග සම්පුර්ණ භට නිවාස ගොඩනැගිල්ල

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සංකල්පයට අනුව රෙජිමුබ ශ්‍රිලපාහ අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් ආර්එම්එස් රාජකරුණා ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ අධික්ෂණය යටතේ, රණක්‍ෂිතයට පත් පාබල හමුදා විරුවන්ගේ ප්‍රයෝජනය සදහා නවතමයෙන් නවීකරණය කරන ලද අංග සම්පුර්ණ භට නිවාස ගොඩනැගිල්ල සහ වැසිකිලි පද්ධතිය වර්ෂ 2019 ක්වු පෙබරවාරි මස 14 දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථාන බලඇණිය - බුස්ස කඳවුරෙහි ඉදිකරන ලද 100' x 20' ප්‍රමාණයේ විශාලත්වයෙන් යුත් මෙම භට නිවාස ගොඩනැගිල්ල සියළුම පහසුකම් සහිතව සම්පුර්ණයෙන් වායුසමනය කර ඇති අතර යාබද වැසිකිලි පද්ධතියකින් සමන්විත වේ. රණක්‍ෂිතයට පත් විවිධ අවශ්‍යතා සහිත සෙබළුන්ගේ පරිහරණය සදහා අතිශය වැදගත් මෙම භටනිවාස ගොඩනැගිල්ල සහ වැසිකිලි පද්ධතිය, සෝනියා කෝට්ටේගොඩ මැතිණිය ඇතුළු පරිත්‍යාගශීලින් හා කර්නල් ඒකේඩිජේජි සිරිවර්ධන (විශ්‍රාමික) ආර්ඩබිලිවිපි ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ධන පරිත්‍යාගයෙන් යුතුව රෙජිමුබ ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය දායකත්වය හා සෙනින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදි .

ශ්‍රිලපාහ රෙජිමේන්තු අධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විවෘත කිරිමේ උළෙල සදහා රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදි.