Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th October 2018 08:06:02 Hours

යුද්ධ හමුදා 69 වන සංවත්සර දින පෙළපාලියේ ශ්‍රීලපාහ අභිමානය

ශ්‍රී ලංකාද්වීපයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය ආරක්ෂා කිරිමේ අදිටනින් යුතුව තිස් වසරක් දේශය වෙලාගත් රුඳුරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමමින් මව්බිමට නිදහස ගෙන දුන් සටනේ පෙරගමන්කරු වු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය සැමරිම වෙනුවෙන් 2018 ඔක්තෝබර් මස 18 වන දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ රෙම ශ්‍රීලකාහ සරඹ භූමියේ දී වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් යුද්ධ හමුදාධිපති තුමන් වෙත පිරිනමන ලදී.

නිලධාරින් 74 ක්, සෙසුනිලයින් 602 ක් හා වර්ණ ධජ ඝණයන් 07කින් සමන්විතව යුද්ධ හමුදාවේ පෞඩත්වය හා අභිමානය පිළිඹිබු කරමින් යුද්ධ හමුදාධිපති තුමන් වෙත පිරිනමනු ලැබු මෙම වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ අණදිම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මහාකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික හා 24 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලදී. සම්මාන අචාර පෙළපාලිය ආරම්භයේ සිට අවසානය දක්වා අති විශිෂ්ඨ අන්දමින් ආකර්ෂණීයව හා ක්‍රියාශිලිව සරඹ කණ්ඩායම් මෙහෙයවමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජිවගුණය ආරක්ෂාකර දැකුම්කළු, අනගිභවනීය ආචාර පෙළපාලියක් පිරිනැමිම සඳහා අණදුන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා පාබල හමුදාවට මහත් අභිමානයකි.

තම සහජ දක්ෂතාවය, නායකත්ව ගුණාංග හා පරිනතභාවය මැනවින් විදහා පාමින් මෙවැනි සුවිශේෂි ආචාර පෙළපාලියක අණදිමේ අභියෝගය සාර්ථකව ජයගෙන ශ්‍රී ලංකා පාබල හමුදා නාමය බැබලවිමට කටයුතු කළ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු සියලු නිලයන්ගේ සුභාශිංසන මෙ‍ලෙස පිළිගන්වන්නෙමු.