Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th January 2019 20:49:49 Hours

යුද්ධ හමුදා එල්ලේ ශූරයන් වෙත පාබල හමුදාවේ ගෞරව ප්‍රණාමය

2018 වර්ෂයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාලියේදි විශිෂ්ඨ දක්ෂතා දක්වමින් අපරාජිතව ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා පාබල හමුදා එල්ලේ කණ්ඩායම වෙත ගෞරව ප්‍රණාම පුදකිරිමේ විශේෂ උත්සවයක් 2019 ජනවාරි මස 08 වන දින රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදි උත්සවාකාරයෙන් පවත්වනු ලැබිනි.

රෙජිමේන්තු අධිපති තුමන්ගේ මගපෙන්විමෙන් ශ්‍රීලපාහ එල්ලේ කණ්ඩායම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරි හා මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ අධික්ෂණයෙන් සංවිධානය කරන ලද මෙම ගෞරව ප්‍රණාම පුදකිරිමේ උත්සවයේදි සම්ප්‍රධායානුකුලව පිළිගැනිමේ නර්ථන කණ්ඩායම පෙරටු කරගනිමින් උත්සවය ශාලාව වෙත පැමිණි පාබල හමුදා එල්ලේ කණ්ඩායමේ ක්‍රිඩකයින් හා පුහුණුකරුවන් රෙජිමේන්තු අධිපති තුමන්, රෙජිමේන්තු මහකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබිමෙන් පසුව ගෞරව ප්‍රණාමය පුදකිරිමේ උළෙල ආරම්භවිය.

ශ්‍රීලපාහ මලල ක්‍රිඩා කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් සී රණවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාබල හමුදා එල්ලේ කණ්ඩායමේ ක්‍රිඩකයින්, පුහුණු කරුවන්, අධික්ෂණ නිලධාරින්, සහභාගි වු නිලධාරින් හා සෙසුනිලයින් ගෞරවයෙන් පිළිගැනිමෙන් පසු ජයග්‍රාහි ශ්‍රීලපාහ එල්ලේ කණ්ඩායමේ දක්ෂතාවයන් අලලා සකස්කරන ලද කෙටි විඩියෝ පටයක් ප්‍රදර්ශනය කරන ලද අතර, අනතුරුව එල්ලේ කණ්ඩායමේ ක්‍රිඩකයින් හා පුහුණු කරුවන් අගය කිරිම හා දිරිගැන්විම වෙනුවෙන් මුල්‍යමය ත්‍යාග ප්‍රදානයන් සිදුකරන ලදී. රෙජිමේන්තු අධිපති තුමන් විසින් යුද්ධ හමුදා එල්ලේ ශූරතාවය - 2018 දිනා ගනිමින් පාබල හමුදාවට මහත් අභිමානයක්, එක්කල පාබල හමුදා එල්ලේ කණ්ඩායමේ සියළුම ක්‍රිඩකයින් හා පුහුණු කරුවන් වෙත ගෞරවය පුදකරමින් ඉදිරියේදි ක්‍රිඩකයින් විසින් තමන්ගේ කුසලතා වර්ධනය කරගනිමින් ජයග්‍රණ ලබාගැනිම සදහා ක්‍රියාකල යුතු ආකාරය පිළිබද හරවත් කරුණු දැක්විමක් සිදුකල අතර, මෙම ජයග්‍රණයේ පෙරගමන් කරුවන් වන ශ්‍රීලපාහ එල්ලේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ අධික්ෂණ නිලධාරි බ්‍රිගේඩියර් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා පුහුණුවිම් අධික්ෂණ නිලධාරි වශයෙන් කටයුතු කල 16 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි මේජර් යුආර්එල් පෙරේරා ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත විශේෂ ප්‍රණාමය පුදකරන ලදී.

මෙම ගෞරව ප්‍රණාම පුදකිරිමේ උළෙලේ අවසන් අංගය වශයෙන් රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජයග්‍රාහි කණ්ඩායමේ ක්‍රිඩකයින්, පුහුණු කරුවන් හා අධික්ෂණ නිලධාරින් උදෙසා තේ පැන් සංග්‍රහයක් පවත්වා සමුහ ජායාරූපයකට පෙනි සිටිමෙන් අනතුරුව උත්සවයේ නිමාව සනිටුහන් විය.