Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th March 2020 09:19:31 Hours

පාබල හමුදාවට විශේෂ සේවාවක් සිදුකරන ලද බ්‍රිගේඩියර් එන්කේ වඩුගොඩපිටිය ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට හා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 35 ක් තම ජීවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් එන්කේ වඩුගොඩපිටිය ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් යුද්ධ හමුදා දිවියට සමුදීමේ උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2020.03.17 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි වර්ෂ 1965 ක් වු මාර්තු මස 18 වන දින කොළඹ කාසල් රෝහලේදි උපත ලද අතර, සිප්සතර හැදෑරීම සදහා කොළඹ රාජකීය විද්‍යාලය වෙත ඇතුලත් වන ලදී. ක්‍රීඩා කටයුතු හා පොදු කටයුතු වලදි පාසලේදී කැපී පෙනෙන දස්කම් දැක් වු දීප්තිමත් ශිෂ්‍යයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු වර්ෂ 1985 ඔක්තෝබර් මස 07 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ‍ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි 1986 ජුලි මස 24 වන දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 3 ශ්‍රීලපාහ ඒකකය වෙත අනුයුක්තව එම ඒකකය සමගින් ශ්‍රී ලංකාද්වීපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කල නිලධාරියෙකු වන අතර මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේද දෙවන අණදෙන නිළධාරි වශයෙන් ඉතා උසස් සේවාවක් එම ඒකකය වෙත සිදුකර ඇත.

පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි 11 සේනාංකයේ ප්‍රමානි II, මානි II ජනමාධ්‍ය අම, ජ්‍යෙෂ්ඨ උපදේශක පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය, ප්‍රමානි I ප්‍රධාන මාණ්ඩලික ශාඛාව, 212 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති, ආසේමු (ව) යටතේ ස්ථාපිත අවතැන්වු පුද්ගලයින් පුනරුත්ථාපනය කිරිම් භාර නිලධාරි, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ පශ්චාත් උපාධි පාඨමාලා ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂක, ආරක්ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්ෂ, ව්‍යාපෘති සම්බන්ධිකරණ නිලධාරි ආසේමු (යා), බ්‍රිගේඩියර් ප්‍රමානි ආසේමු (මධ්‍යම), රණසේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක හා නියෝජ්‍ය සේනාවිධායක අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද යන ස්ථානයන්හි ඉතා කැපි පෙනෙන සේවයක් සිදුකර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි දේශිය පාඨමාලා රැසක් ද හදාරා ඇති අතර,එතෙර පාඨමාලා වශයෙන් තරුණ නිළධාරි පාඨමාලාව ඉන්දියාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පාඨමාලාව ඇමරිකාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාවෙදිත් හදාරා තම දැණුම ඉහල නංවාගන්නා ලදි. එමෙන්ම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී යුධ බිමේදි දක්වන ලද නිර්භීත භාවය හා යුද්ධයට දක්වන ලද දායකත්වය අගයනු වස් රණශූර පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.

2020.03.17 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි බ්‍රිගේඩියර් එන්කේ වඩුගොඩපිටිය ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන දොරටුව අභියසදී මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් පිළිගැනිමෙන් අනතුරුව ගෞරවාන්විත වු කදවුරු සම්මාන මුරයක් ලබා දෙන ලදි. ඉන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. ඉන් පසු මෙම අවස්ථාවට පැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමුහ ජායාරූපයකට පෙනීසිටිමෙන් පසු රෙම ශ්‍රිලපාහ දේශණ ශාලාවේදි සියලුම ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිළධාරින් හා සියලුම සෙසුනිලයින් අමතමින් හරවත් දේශණයක් සිදුකර රටට ස්ථිර සාමය උදාකිරිම උදෙසා දායකත්වය ලබාදෙමින් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුදකරන ලදි. පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සදහා බනි සැර නිවස්නය වෙත කැදවාගෙන යන ලදී. අනතුරුව යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් එන්කේ වඩුගොඩපිටිය ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සමුදිම සදහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වු සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඉදිරි ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන ලදී.