Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th March 2019 23:24:37 Hours

පාබල හමුදාවට අද්විතිය සේවාවක් සිදුකරන ලද බ්‍රිගේඩියර් ජේ තන්තිරිවත්ත ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නික්මයාම

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට වසර 33 ක් තමන්ගේ ජීවිතකාලය කැපකොට අනගිභවනීය සේවයක් ඉටුකරන ලද බ්‍රිගේඩියර් ජේ තන්තිරිවත්ත ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදා දිවියට සමුදීමේ විශ්‍රාමික උත්සවය රෙජිමේන්තු සම්ප්‍රදායානුකුලව 2019.03.26 වන දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 1964 ක් වු මාර්තු මස 27 වන දින උපත ලද අතර මුලික අධ්‍යාපනය මහනුවර කින්ස්වුඩ් විද්‍යාලය වෙතින් හදාරන ලදී. පාසල් අධ්‍යාපනයෙන් පසු වර්ෂ 1986 මාර්තු මස 17 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ‍ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳි 1987 පෙබරවාරි මස 21 දින 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව 1987 වර්ෂයේදී ඛණ්ඩභාර නිලධාරියෙකු වශයෙන් 3 ශ්‍රීලපාහ ඒකකය වෙත ඇතුලත් වි ඇත. එතැන් පටන් පාබල බළඇණියක ඇති සියලුම තනතුරු හොබවමින් රාජකාරින් සිදුකර ඇති අතර මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 8 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි වශයෙන්ද වර්ෂ 2004 දි 6 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි වශයෙන් ඉතා උසස් සේවාවක් එම ඒකකයන් වෙත සිදුකර ඇත.

පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවිධ ක්ෂේත්‍ර මුලස්ථානයන්හි මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන්ද, පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි කාර්ය නියුක්ත සේනාවිධායක වශයෙන්ද, 541 බළසේනාවෙහි සහ 623 බළසේනාවෙහි බළ සේනාධිපති වශයෙන්ද, මහගු සේවාවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිදුකර ඇති අතර විශ්‍රාම යාමට ප්‍රථම ආරක්ෂක සේනා මුලස්ථානය බටහිරහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන්ද ඉතා කැපී පෙනෙන සේවාවක් සිදුකර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විවි ක්‍රියාන්විතයන්හි දක්වන ලද සේවය ඇගයීම වස් රණ වික්‍රම පදක්කම, නැගෙනහිර මානුෂිය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම, පුර්ණ භූමි, උතුරු නැගෙනහිර, වඩමාරච්චි මෙහෙයුම් පද්කම, රිවිරැස, 50 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම, 50 වන යුද හමුදා ස්වර්ණ ජයන්ති පදක්කම හා දීර්ඝසේවා පදක්කම් වලින් පිදුම්ලබා ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි බ්‍රිගේඩියර් ජේ තන්තිරිවත්ත ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් ලබාදි පිළිගැනිමෙන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දක්වා දේශයේ උන්නතිව වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. ඉන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් කොනොනි සමාජ ශාලාව වෙත කැදවාගෙන යන ලදී. ඉන් අනතුරුව භඨ පිරිස් අමතමින් හරවත් දේශණයක් සිදුකර රටට ස්ථිර සාමය උදාකිරිම උදේශා දායකත්වය ලබාදෙමින් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුදකරන ලද අතර රෙජිමේන්තුවක් ලෙස අනාගතයේදි මුහුණ දිමට තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහනයකරා යාමට ශක්තය දෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන ලදී. මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් සමග සමුහ ජායාරූයකට පෙනිසිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සියලුම නිලයින් සමග තේ පැන් සංග්‍රහයකට ද එක්වන ලදී. යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් ජේ තන්තිරිවත්ත ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට සමුදිම සදහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වු සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඉදිරි ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන ලදී.