Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th November 2020 09:18:25 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය යටතේ 2013.12.28 දින හෘදයාබධයක් හේතුවෙන්, ඉහල හල්මිල්ලැව, කහටගස්දිගිලිය ලිපිනයේ, පදිංචිව සිට මියගිය සෙ/5ඩි00553 ලා/කෝ සමරසේන එස් යන රණවිරුවාගේ ආදරනීය බිරිඳ වන කේ නන්දාවති යන අය හට හා 12 ශ්‍රිලපාහ ඒකකයට අයත් නො.11/06, 8 වන පටුමග,නාමල්ගම බෝගස්වැව ලිපිනයේ පදිංචි සෙ/315654 බනි 1 ටිඒඑන් කරුණාරත්න යන අය හට එක් නිවසකට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවාස දෙක ඒකක අණදෙන නිළධාරීතුමන්ලාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් 2020.11.20 වන දින සෙබලාගේ (මියගිය) ආදරණිය බිරිදට හා බළලත් නිළධාරි වෙත භාරදෙන ලදි.මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මහා කාරකසභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් සහ මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම තවත් නිළධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.