Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

19th November 2020 10:26:27 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 1 ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ කපිල නිවස,වැලිබිස්ස,කහගොල්ල දියතලාව ලිපිනයේ පදිංචි සෙ/330973 ලා/කෝ විරකෝන් ඩබ්ලිව්එම්කේකේ යන අය හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් 2020.11.17 වන දින 10.06 පැයට යෙදුනු සුභ මොහොතින් සෙබලාහට භාරදෙන ලදි.මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මහා කාරකසභාවේ fජ්‍යෂ්ඨ සාමාජිකයින් පිරිසක් සහ මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම තවත් නිළධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.