Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

12th February 2021 11:05:41 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපෘතිය යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 8 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් එවකට 3 ශ්‍රිලපාහ ඒකකය සමගින් රාජකාරි කරමින් සිටියදි 1998.06.15 දින වන්නිකුලම් ප්‍රදේශයේදි තම මාතෘ භූමියේ භෞමික අඛන්ඩතාවය සුරකිමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව තම ජිවිතය පුදකල අංක :85/ඒ, උසාවිය පාර, වැල්ලවාය ලිපිනයේ පදිංචිව සිට මියගිය නි/62940 කපිතන් එන්ඩබ්ලිව් ගුණසේකර ආර්එස්පි යන නිලධාරිගේ ආදරණිය බිරිද වන ටිඒ සුමාලි රාජසේකර යන අය හට රු: 1500000.00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත අධ්‍යක්ෂක රණසේවා අම මෙන්ම මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික බ්‍රිගේඩියර් සි රණවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.02.11 වන දින 10.26 පැයට යෙදුනු සුභ මොහොතින් නිළධාරිගේ ආදරණිය බිරිද හට භාරදෙන ලදි. මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි හා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම තවත් නිලධාරින්,සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.