Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

19th November 2020 10:17:11 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවිර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි ටොකියෝ සුපර් සිමෙන්ති සමාගමේ කලමණාකාර අධ්‍යක්‍ෂ එස්ආර් ඥානම් මැතිතුමාගේ මුල්‍ය දායකත්වය මත එම සමාගමේ ඉංජිනේරු උපදේශක වශයෙන් කටයුතු කරන මෞලි ගුණරත්න මහතාගේ මැදිහත් විම තුලින් නිවස ඉදිකිරිම සදහා වැයවූ සියලුම මුදල් හා නව නිවස සදහා අවශ්‍ය සම්පුර්ණ ගෘහ භාණ්ඩ ලබාදුන් අතර, 6 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය යටතේ 2008.02.16 දින නගර් කෝවිල් ප්‍රදේශයේදි කුරිරු ත්‍රස්තවාදින්ගේ මෝටාර් බෝම්බ ප්‍රහාරයකින් තම මාතෘ භූමියේ භෞමික අඛන්ඩතාවය සුරකිමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව තම ජිවිතය පුදකල නො - 23/13/3 ගල්හිටියාගොඩ,උහන ලිපිනයේ පදිංචිව සිට මියගිය සෙ/309090 ලා/කෝ ටිකිරි බංඩා ඩීඑම් යන රණවිරුවාගේ ආදරනිය බිරිද වන එච්එම් චන්ද්‍ර කාන්ති යන අය හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් 2020.11.16 වන දින 10.10 පැයට යෙදුනු සුභ මොහොතින් සෙබලාගේ ආදරණිය බිරිද හට භාරදෙන ලදි.මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මහා කාරකසභාවේ fජ්‍යෂ්ඨ සාමාජිකයින් පිරිසක් සහ මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම තවත් නිළධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.