Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
26th November 2025 16:33:41 Hours
නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ටීඑන්කේ පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරී
මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2025 ක් වූ නොවැම්බර් මස 18 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ටීඑන්කේ පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයෙන් පිරිනමනු ලැබීය. මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2025 ක් වූ නොවැම්බර් මස 18 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ටීඑන්කේ පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයෙන් පිරිනමනු ලැබීය. මෙම අභිමානවත් උත්සවය යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය. කෙඩෙට් නිලධාරියෙකු ලෙස 1992 වර්ෂයේ ජූලි මස 24 වෙනි දින යුද්ධ හමුදාවට බැඳී මූලික යුද පුහුණුව පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපිඨයේ ශ්‍රී ලාංකික කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 05 වෙතින් සාර්ථකව නිම කළ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 1993 වර්ෂයේ අප්‍රේල් මස 15 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 3 වන බළඇණිය වෙත ඛණ්ඩ භාර නිලධාරියෙකු ලෙස අනුයුක්ත කරන ලදී. ඉන්පසු 10 ශ්‍රීලපාහ බළඇණියේ ඛණ්ඩ භාර නිලධාරි. බුද්ධි නිලධාරී මෙන්ම 4 ශ්‍රීලපාහ බළඇණියෙහි විධායක අධිකාරි තනතුරද 10 වන 15 වන හා 4 වන ශ්‍රීලපාහ බළඇණිවල කණ්ඩායම් භාර නිලධාරි අණදෙන වශයෙන් රාජකාරී ඉටුකරන ලද අතර, 1 වන සාම සාධක බළඇණිය (හයිටි රාජ්‍යයේ) හි විධායක අධිකාරී වශයෙන්ද රාජකාරි සිදුකර තම රාජකාරී දිවියේ අත්දැකීම් එකතු කර ගනිමින් 11 ශ්‍රීලපාහ බළඇණියේ දෙවන අණදෙන නිලධාරී වශයෙන් හා එම බළ ඇණියෙහිම වැඩබලන අණදෙන නිලධාරි වශයෙන් රාජකාරී සිදුකර, 19 ශ්‍රීලපාහ බළඇණිය මෙහෙයවීමේ මහඟු භාග්‍යද උදාකර ගන්නා ලදී. අණ, මාණ්ඩලීක සහ උපදේශක නිලධාරියෙකු ලෙස තම වෘත්තීමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තම රාජකාරී දිවියේ යුද්ධ හමුදාවේ වගකිවයුතු තනතුරු රාශියක් හොබවන ලදී. ඒ අතරින් මානි 111 රෙම ශ්‍රීලපාහ, මානි 11 ( රක්ෂණ) සුභ සාධක අධ්යක්ෂ මණ්ඩලය, මානි11(පාලන) - යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව, නිලධාරි අණදෙන - අණ හා පාලන කණ්ඩායම් රෙම ශ්‍රීලපාහ, ප්‍රමානි 1 (ක්‍රියා) - 56 වන පාබල සේනාංකය, මානි 1 (භකාස) - රෙම ශ්‍රීලපාහ, ප්‍රමානි 1(ක්‍රියා) - 68 වන පාබල සේනාංක මුලස්ථානය, කර්නල් (පාලන හා භකාස)- 22 වන පාබල සේනාංකය, කර්නල් (ප්‍රමානි) 23 වන පාබල සේනාංකය, අධක්ෂක (ක්‍රියාන්විත) ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, බ්‍රිගේඩියර් (ප්‍රමානි) ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යන තනතුරු විශේෂයෙන් සඳහන් කළහැකි අතර, මේ වන විට 21 වන පාබල සේනාංකාධිපති ලෙසින් කටයුතු කරනු ලබයි. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය හා විදේශීය පාඨමාලා ගණනාවක් හදාරා ඇති අතර, දේශීය පාඨමාලා වශයෙන් තරුණ නිලධාරි පාඨමාලාව, කණ්ඩභාර නිලධාරී පාඨමාලාව, බුද්ධි නිලධාරී පාඨමාලාව, පරිගණක පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සාමසාධක නිරීක්ෂණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, ජ්‍යේෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, මානව හිමිකම් හා අන්තර් ජාතික මානුෂවාදී නීතිය පිළිබද මූලික උපදේශක පඨමාලාව, මානව හිමිකම් හා අන්තර් ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ උසස් උපදේශක පාඨමාලාව,එක්සත් ජාතීන්ගේ භකාස මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ සාමසාධක මාණ්ඩලික නිලධාරි යන පාඨමාලා හදාරා ඇත. විදේශීය පාඨමාලා වශයෙන්, මුලික කෙඩෙට් නිලධාරී පාඨමාලාව - පාකිස්තානය, කදුකර යුධ උපක්‍රම පාඨමාලාව - පාකිස්තානය, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව හා ජාතික ආරක්ෂාව පිළිබද පාඨමාලාව - ඉන්දියාව වැනි පාඨමාලා විශේෂයෙන් සඳහන් කළ හැකිය. තවද තම වෘත්තීය දැනුම හා කුසලතා වර්ධනය කරගනුවස් හදාරා ඇති අනෙකුත් පාඨමාලා සහ උපාධි වශයෙන් වෘත්තීය ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව - ජාතික ව්‍යාපාරික කළමනාකරණ ආයතනය කොළඹ, මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව - ජාතික ව්‍යාපාරික කළමණාකරණ ආයතනය කොළඹ, ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - ජාතික ව්‍යාපාරික කළමණාකරණ ආයතනය කොළඹ, මානව හිමිකම් සංවර්ධන ඩිප්ලෝමාව - පුද්ගල කළමනාකරණ ආයතනය කොළඹ, මහජන පරිපාලනය පිළිබද ශ්රාස්ත්රපති උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා උපදේශණය පිළිබඳ පාඨමාලාව - ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාව - බණ්ඩාරනායක ජාත්‍යන්තර මධ්‍යස්ථානය, උපායමාර්ගික නායකත්ව වැඩමුළුව - බංගලා දේශය, හමුදා මෙහෙයුම් පාලනය කරන ජාත්‍යන්තර නීති පිළිබඳව ජ්‍යේෂ්ඨ වැඩමුළුව - කෙන්යාව හා වෘත්තීය ඉංග්‍රීසි සහතිකපත්‍ර පාඨමාලාව ජාතික ව්‍යාපාරික කළමනාකරණය පිළිබද ආයතනය කොළඹ. තවද, මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදා ක්‍රිඩාවන්හි උත්තනිය උදෙසා විශාල දායකත්වයක් ලබාදී ඇති අතර, ඒ අතරින් 19 වන පාබල හමුදාවෙහි රාජකාරී කරන අවදියෙහි වසර 04 ක කාල සීමාවක් ශ්‍රී ලංකා පාබල හමුදා කඹ සංචිතයෙහි අධීක්ෂණ නිලධාරී වශයන් කටයුතු කර පාබල හමුදාව වෙත ජයග්‍රහණ රැසක් අත්කර දීමට කටයුතු කළ මෙතුමන් 2024 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු එල්ලේ තරගාවලියේදී මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත අනු ශූරතාවය හිමිකරගැනීමට සුවිශාල කාර්යභාරයක් ඉටුකරන ලදී. මෙතුමත් 1993 වර්ෂයේ සිට වත්නි අවසන් මානුෂිය මෙහෙයුම දක්වා දිවයින තුළ යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර, ඒ අතුරින් යාල්දේවී, ඉදිරිපිම්ම, අකුණු පහර, සන්ජය, රිවිරැස අදියර 1,2,3, ජයසිකුරු අදියර 1,2,3,4, රණගොස, වෝටර්ෂෙඩ්, රිවිකිරණ, කිණිහිර, අග්නිකීල සහ අවසන් වන්නි මානුෂිය මෙහෙයුම විශේෂයෙන් සඳහන් කළ හැක. තිස් වසරක ශාපලත් කුරිරු ත්‍රස්ථවාදය නිමා කිරීමේ විජයග්‍රහණයේ සේවා දානයේ නියමුවෙකු වශයෙන් 2000 වර්ෂයේ චාවකච්චේරිය ප්‍රදේශයේදී ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ළක්ව තුවාල ලබා ඇති අතර, තෙවරක් ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ තුවාල ලබා දේශය වෙනුවෙන් කාය දානය ලබාදී ඇති දේශපුත්ර සම්මානයෙන් පිදුම් ලබා ඇති අත්දැකීම් ලත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. තවද මෙතුමන්ගේ වික්‍රමාන්විත රණකාමිත්වය ඇගයීම වස් සහ දේශීය විදේශීය සේවාවන් ඇගයීම වස් ප්රදානය කරන ලද පදක්කම් 16 කින්ද පිදුම් ලබා ඇත. නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ටීඑන්කේ පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරීතුමනි ඔබගේ ඉදිරි හමුදා දිවිය සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි රෙජිමේන්තු අධිපති ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම නිලයින්ගේ සුබපැතුම් මෙලෙස එක්කරන්නෙමු.