Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd November 2019 17:14:44 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි ආර්සිඩිඑස්

වර්ෂ 1965 ක් වු නොවැම්බර් මස 30 දින කළුතර මහරෝහලේදී උපත ලද කලුවන්ගේ ජයනාත් ජයවීර මුලික වශයෙන් කෑගල්ල මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර එම පාසලේ ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂ්‍යෙයකු වශයෙන් තම පාසැල් දිවිය සාර්ථකව නිම කිරිමෙන් අනතුරුව දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1986 මාර්තු මස 31 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1987 පෙබරවාරි මස 21 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3 වන බළඇණියට ඇතුළත් විය.

පාබල නිලධාරියෙකු වශයෙන් තම සේවා කාලය තුලදී ජ්‍යෙෂ්ඨත්වයට හා නිලයට සරිලන පරිදි විවිධ නිළතල හා තනතුරු හොබවීමට භාග්‍යය ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණකාමී පාබල ඒකකයක් වන 3 ශ්‍රීලපාහ බළ ඇණිය වෙත ඛණ්ඩ භාර නිලධාරි වශයෙන් අනියුක්තව ශ්‍රිලපාහ ඒකකයන්හි දැරිය යුතු සියලුම තනතුරු හොබවා දැඩි කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රාජකාරි ඉටු කිරීමෙන් පසු 11 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හුමුදාවේ 2 වන අණදෙන නිලධාරි තනතුරද ,11,10 හා 1 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හුමුදාව යන ඒකක මෙහෙය විමේ මහගු භාග්‍යයද උදාකර ගන්නා ලදි. සියලු ඒකකයන් සමගින් ශ්‍රි ලංකාද්විපයේ භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කිරිමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

තවද ජ්‍යෙෂ්ඨ අණදෙන්නෙකු, මාණ්ඩලික නිලධාරියෙකු මෙන්ම උපදේශකයෙකු ලෙස වෘත්තීයමය කුසලතාවයන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා මැනවින් ප්‍රදර්ශනයකර ඇත. එහිදි ඒකක අණදෙන්නෙකු ලෙස මෙන්ම බළසේනාධිපතිවරයෙකු ලෙස වසර 02කට අධික අත්දැකිම් ඇති පිරිනත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. මිට අමතරව විධායක අධිකාරි රෙම ශ්‍රිලපාහ, අණදෙන නිලධාරි 3 ශ්‍රිලංජාආබමු , මීට අමතරව මානි 1 (ක්‍රියා) හා සැලසුම් ඒකාබද්ධ ක්‍රියාන්විත මුලස්ථානය යුහමු, ප්‍රමානි 1 (ක්‍රියා) ක්‍රියා අම, සේනාවිධායක රෙම ශ්‍රිලපාහ, අධ්‍යක්‍ෂක ජනමාධය අම, සේනාංකාධිපති 64 සේමු, අධ්‍යක්‍ෂක පිපඅම වර්ථමානයේ නිප්‍රප්‍රම බුත්තලහි සේනාවිධායක වශයෙන් එම සියලු ස්ථානයන්හි මෙතුමන් තම රාජකාරි හැකියාවන් මැනවින් ප්‍රදර්ශණය කර ඇත. මෙතුමන් පිපඅම අධ්‍යක්‍ෂ වශයෙන් රාජකාරි කරන ලද කාල සිමාවේ දි සෙසු නිලයන්ගේ නිල උසස් කිරිම් පිළිබද විශේෂ අවධානයක් යොමුකරමින් උසස් කිරිමේ පැවති ගැටලු සහගත තත්වය නිරාකරණය කරදෙමින් පොරොත්තු ලේඛණයන්හි රැදිසිටින ලද විශාල ප්‍රමාණයක් නිල උසස් කිරිම් සිදු කිරම එතුමා කල සුවිශේෂ මෙහෙවරකි.

මෙමජ්‍යෙෂ්ඨ නිලධාරි වෘත්තිමය මෙන්ම ශාස්ත්‍රිය දැනුමෙන් සමන්විත වු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර එංගලන්තයෙහි රාජකිය ආරක්ෂක විද්‍යාලයෙහි ආරක්ෂක විද්‍යාව සබැදිව උපාධියද ලබා ඇත. තවද ගැටළු කළමානාකරණය පිළිබදව ඇමරිකා එක්සත් ජනපදයෙහි හවායි නුවර විශේෂ පාඨමාලාවක් හදාරා ඇත. දේශිය මෙන්ම විදේශිය පාඨමාලා රැසක් හදාරා දැනුමෙන් පරිපුර්ණවු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 11 වන සාමසාධක බළඇණියෙහි අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කරන ලදි.

1987 වර්ෂයේ සිට වන්නි මානුෂික මෙහෙයුම දක්වා යුධ හමුදාව දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සදහා සක්‍රිය දායත්වය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබා දිඇති අතර ,ඒකක අණදෙන නිලධාරියෙකු සහ බළසේධිපති වරයෙකු වශයෙන් අවසන් මානුෂික මෙහෙයුමම් කාලපරිච්ජේදයෙහි මෙතුමා අනගිභවනිය සේවයක් යුධ හමුදාවට මෙන්ම සමස්ථ ශ්‍රි ලංකාද්විපයටම ලබා දි ඇත. එම ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරන ලද රණකාමිත්වය ඇගයිම වස් මෙතුමන් හට රණවික්‍රම පදක්කම රණශුර පදක්කම හිමි ගන්වා ඇත. තවද තම යුධ හමුදා සේවා කාලසිමාවේ පවත්වාගෙන යනු ලබන නිකැලැල් විනය හේතුවෙන් මෙතුමන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුමි ලබා ඇත.

කීර්තියක් හා අභිමානයක් එක්කරමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2019 ක්වූ නොවැමිබර් මස 23 වන දින සපැමිණි මේජර් ජෙනරාල් කේජේ ජයවවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිණමනු ලැබූ අභිමානවත් හා ගාම්භීර කදවුරු මුරයකින් හා සම්මාන මුරයකින් පිදුම් ලද අතර අනතුරුව මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකිරීමෙන් පසු පැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලදී. අනතුරුව බනි/සැරයන් නිවස්නයේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් භඨ පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත, ආදර්ශමත් පණිවිඩයක් සියලුම නිලයින්හට ඉදිරිපත් කරන ලදී. මෙම ගෞරව පිරිනැමිමේ උත්සව අවස්ථාවට රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු මැතිතුමන්ගේ පූර්ණ අශීර්වාදයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්වීම මත නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුවිය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, රෙසැමේ ඇතුලුසියලුම නිලයින් සහභාගී විය.