Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd November 2019 17:49:52 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් එම්ඩි විජේසුන්දර ආර්එස්පී

වර්ෂ 1965 ක් අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර මහරෝහලෙදි උපත ලද මංගල දේශප්‍රිය විජේසුන්දර අනුරාධපුර ශාන්ත ජොසප් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර එම පාසලේ ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂ්‍යෙයකු වශයෙන් තම පාසැල් දිවිය සාර්තකව නිම කිරිමෙන් අනතුරු දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස්වර්ෂ 1986 මාර්තු මස 31 දින ශ්‍රීලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1987 මාර්තු මස 28 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3 වන බළඇණියට ඇතුළත් විය.

පාබල නිලධාරියෙකු වශයෙන් තම සේවා කාලය තුලදී ජ්‍යෙෂ්ඨත්වයට හා නිළයට සරිලන පරිදි විවිධ නිලතල හා තනතුරු හෙබවීමට භාග්‍යය ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණකාමී පාබල ඒකකයක් වන 3 ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩ භාර නිලධාරි වශයෙන් අනුයුක්තව ශ්‍රිලපාහ ඒකකයන්හි දැරිය යුතු සියලුම තනතුරු හොබවා දැඩි කැපවීමෙන් හා වග කීමෙන් යුතුව රාජකාරි ඉටු කිරීමෙන් පසු 7 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හුමුදාව මෙහෙය විමේ මහගු භාග්‍යයද උදාකර ගන්නා ලදි. සියලු ඒකකයන් සමගින් ශ්‍රි ලංකාද්විපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

තවද ජ්‍යෙෂ්ඨ අණදෙන්නෙකු, මාණ්ඩලික නිලධාරියෙකු මෙන්ම උපදේශකයෙකු ලෙස වෘත්තීයමය කුසලතාවයන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇත. එහිදි ඒකක අණදෙන්නෙකු ලෙස මෙන්ම බළසේනාධිපති වරයෙකු ලෙස 533, 232, හා 653 යන බළසේණාවන්හි 03 කට අධික අත්දැකම් ඇති පරිනත ජ්‍යෙෂ්ඨ නිලධාරයෙකි. මීට අමතරව මානි 11 (පාලන) 21 සේනාංකය, ප්‍රමානි 11 ආසේමු (නැගෙනහිර), ප්‍රමානි 1 (මාණ්ඩලික රාජකාරි) මාණ්ඩලික නිලධාරි අධ්‍යක්‍ෂක මණ්ඩලය, කර්නල් ප්‍රමානි ආසේමු (දකුණ), කර්නල් (පාලන) භකාස අණසක, අධ්‍යක්‍ෂක මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය වැනි ස්ථානවල තම රාජකාරින් ඉතා විශිෂ්ඨ සේවාවක් සපයා ඇත. තවද මෙතුමන් 57, 58 හා වර්ථමානයේ 66 සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරින් ඉටුකරනු ලැබු අත්දැකිම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වාත්තිමය මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් සමන්විත වු ජ්‍යෙෂ්ට නිලධාරියෙකු වන අතර නිලධාරි ශාරිරික අභ්‍යාස පාඨමාලාව ඉන්දියාව, තරුණ නිලධාරි පාඨමාලාව ඉන්දියාව, කණිෂ්ඨ අණ දෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණ දෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාව, ආරක්‍ෂක කළමණාකරන පාඨමාලාව දේශිය මෙන්ම විදේශිය පාඨමාලා රැසක් හදාරා හා විදේශිය වැඩමුලු රාශියකට සහ භාලිවි දැනුමෙන් පරිපුර්ණ වු ජ්‍යෙෂ්ට නිලධාරයෙකි.

1987 වර්ෂයේ සිට වන්නිමානුෂිය මෙහෙයුම දක්වා යුද හමුදාව දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සදහා සක්‍රිය දායකත්වය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබාදි ඇත අතර, ඒකක අණදෙන නිලධාරියෙකු සහ බලසේණාධිපති වරයෙකු වශයෙන් අවසන් මානුෂිය මෙහෙයුම කාලපරිජේදයෙහි මෙතුමා අනගිභවනීය සේවායක් යුද හමුදාවට මෙන්ම සමස්ථ ශ්‍රි ලංකාද්විපයට ලබාදි ඇත. එම ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරන ලද රණකාමිත්වය ඇතයිම වස් මෙතුමන් හට රණශූර පදක්කම හිමි ගන්වා ඇත.

කීර්තියක් හා අභිමානයක් එක්කරමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2019 ක්වූ නොවැමිබර් මස 23 වන දින සපැමිණි මේජර් ජෙනරාල් එම්ඩි විජේසුන්දර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිණමනු ලැබූ අභිමානවත් හා ගාම්භීර කදවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකිරීමෙන් පසුපැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලදී. අනතුරුව බනි/සැරයන් නිවස්නයේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් භඨ පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත, ආදර්ශමත් පණිවිඩයක් සියලුම නිලයින්හට ඉදිරිපත් කරන ලදී. මෙම ගෞරව පිරිනැමිමේ උත්සව අවස්ථාවට රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එමි මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු මැතිතුමන්ගේ පූර්ණ අශීර්වාදයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්වීම මත නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුවිය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවටඅයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, රෙසැමේ ඇතුලුසියලුම නිලයින් සහභාගී විය.