Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th December 2018 13:26:43 Hours

නිලධාරි පුහුණු දිනය - රෙම ශ්‍රීලපාහ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් අනුව නිලධාරින්ගේ පුද්ගලික හැකියාවන්, දැනුම හා නායකත්ව ගුණාංග වර්ධනය කිරිම සදහා රෙජිමේන්තු මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන නිලධාරි පුහුණු සැලැස්ම යටතේ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරින් වෙනුවෙන් 2018 වර්ෂය සදහා පවත්වනු ලබන මෙම වසරේ අවසන් පුහුණු දින වැඩ සටහන ශ්‍රිලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ මාර්ගෝපදේශණයෙන් සහ සහභාගිත්වයෙන් වර්ෂ 2018 ක්වු දෙසැම්බර් මස 07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය - පනාගොඩ හීදි ඉතා සාර්ථකව පවත්වනු ලැබීය.

ශ්‍රීලපාහ බළඇණි හා අ‍රෙසේ/ යාකිරිම් මත රාජකාරි කරනු ලබන ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා කණිෂ්ඨ නිලධාරින් 175 ක් පමණ සහභාගිත්වයෙන් පැවති මෙම නිලධාරි පුහුණු දින වැඩසටහන උදෑසන ශාරිරික අභ්‍යාස සිදු කිරිමෙන් ආරම්භ කළ අතර, අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර්නල් බීඒඩීආර්ඒසී විජේසේකර ආර්එස්පී යුඑස්ඒසීජිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිලධාරි නිවස්න ආචාර රීතීන් (Mess Etiquettes) පිළිබදව හරවත් දේශණයක් සිදුකරමින් භෝජනාගාර විධික්‍රම, රාත්‍රි භෝජන සංග්‍රහ පිළිවෙත්, අවස්ථානුකුල ඇදුම්, හැසිරිම හා විනය පිළිබදව දැනුවත් කිරිම සිදුකරන ලදී. ඉන් පසු 4 ශ්‍රීලපාහ, 9 (සෙව්) ශ්‍රීලපාහ බළඇණි විසින් "The causes that would lead to global warming and its impact on the planet earth" මාතෘකාව යටතේ හා 25, 26 ශ්‍රීලපාහ, 14(සෙව්) ශ්‍රිලපාහ බළඇණි විසින් "The interest of china concerning to Sri Lanka " මාතෘකාව යටතේ ඉතා ආකාර්ශණීය විස්තරාත්මක ඉදිරිපත් කිරිම් සිදුකරන ලදී.

එදින සන්ධ්‍යාවේ නිලධාරින් සදහා ක්‍රිකට් හා පැසිපන්දු තරඟ පවත්වා ජයග්‍රාහි ක‍ණ්ඩායම් වෙත තිළිණ ප්‍රදානය සිදුකරන ලදී. ඉන් අනතුරුව රෙජිමේන්තු නිලධාරි නිවස්නයේ ආරාධිත දේශකයෙකු වශයෙන් පැමිණි හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාම) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ශ්‍රී ලංකා පාබල හමුදා ඉතිහාසය පිළිබදව ඉතා හරවත් දේශණයක් පවත්වමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ විකාශණය, සම්ප්‍රදායන්, පෞඩත්වය හා අභිමානය පිළිබදව සවිස්තරාත්මක හා ඉමහත් වැදගත් කරුණු දැක්විමක් සිදුකරන ලදී. රෙජිමේන්තු අධිපති තුමා විසින් ආරාධිත දේශක තුමා වෙත සමරු තිළිණ ප්‍රධානයෙන් අනතුරුව සහභාගි වු සියළුම නිලධාරින් වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා සාර්ථක පුහුණු දිනයක නිමාව සනිටුහන් කරන ලදී.