Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th August 2018 14:12:28 Hours

නිකිණි පුර පසළොස්වක පොහෝ දින සීලභවනා වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධබල මණ්ඩලයේ මෙහෙයවිමෙන් පනාගොඩ ශ්‍රී මහ බෝධිරාජාරාම විහරස්ථානයේ පවත්වන මාසික පොහෝ දින සීලභවනා වැඩසටහන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ පුර්ණ සංවිධානයෙන් හා ගජබා රෙජිමේන්තු භඨපිරිස් සහභාගිත්වයෙන් 2018 අගෝස්තු මස 25 වන දින ශ්‍රී මහ බෝධිරාජාරාම විහරස්ථාන භූමියේදි උදෑසන සිට සවස් කාලය දක්වා ඉතා සාර්ථකව පවත්වන ලදී. මෙහිදි උදෑසන හීල් දානය, දහවල් දානය හා ගිලන්පස පිළිගැන්විම ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති තුමන්ගේ මාර්ගෝපදේශණයෙන් හා සේනාවිධායක තුමාගේ අධික්ෂණය යටතේ සිදුකරන ලදී. මෙම සීලභවනා වැඩසහටහන සඳහා ආසේමු (බටහිර) ආඥාපති මේජර් ‍ජෙනරාල් එස්ඩීටී ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් හා ප්‍රදේශයේ සිවිල් ජනතාව 1500 කට අධික ප්‍රමාණයක් සහභාගි වන ලදී.