Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th August 2018 14:03:52 Hours

නවතමයෙන් ඉදිකරනු ලබන රෙම ශ්‍රීලපාහ නිවාඩු නිකේතනය

වත්මන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රීලපාහ නිලධාරින්ගේ ප්‍රයෝජනය සඳහා දියතලාව බෝධිකන්ද ප්‍රදේශයේ හලංගොඩ වැව් ඉස්මත්තේ සුන්දර බිම්කොටසක ඉදිවන නිලධාරි නිවාඩු නිකේතනය, 2018.08.23 වන දින 0618 පැයට යෙදුනු සුභ මොහොතින් නූල් ඇදිමේ කටයුතු සිදුකර එදිනම 0912 පැයට යෙදුනු සුභ මොහොතින් මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මංගල පස්පිඩැල්ල කැපිමෙන් පසු ඉදිකිරිමේ මුලික කටයුතු ආරම්භ කරන ලදී.

නව නිලධාරි නිවාඩු නිකේතනය සඳහා මුල්ගල් තැබිම 2018.08.25 වන දින 1118 පැයට යෙදුනු සුභ මොහොතින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් රැසක් සහභාගි විය.

ශ්‍රීලපාහ නිලධාරි නිවාඩු නිකේතනය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්විම යටතේ, මධ්‍යස්ථාන සේනාවිධායක/ නියේජ්‍ය සේනාවිධායක තුමන්ගේ සෘජු අධික්ෂණය යටතේ සිදුකර 2019 වර්ෂයේ මුල්භාගයේ ශ්‍රීලපාහ නිලධාරින්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදිමට අපේක්ෂා කරයි.