Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th October 2019 14:00:05 Hours

දිනෙන් දින සංවර්ධනය වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව පැවති පිහිණුම් තටාකයක් සදහා මුල්ගල් තැබිම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2019.10.10 වන දිනට යෙදුන සුභ මොහොතින් සිදුකරන ලදී.

රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් හා මග පෙන්විමකට අනුව දේශයේ නිදහස වෙනුවෙන් කායදානය ලබාදි රණක්‍ෂිතයටපත් රණවිරුවන්ගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා පිහිණුම් කණ්ඩායමේ ක්‍රිඩකයින්, නිලධාරින් හා සෙසු නිලයින්ගේ ප්‍රයෝජනය සදහා ඉදිකිරිමට සැලසුම් කර ඇති මෙහි දිග මීටර් 25 සහ පළල මීටර් 12.5 සමන්විත වේ. මේ සදහා මුල්‍ය දායකත්වය රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් දරණු ලබන අතර මෙහි පුර්ණ අධික්‍ෂණය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් සිදුකරනු ලබයි. එමෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය විසින් ලබාදෙනු ලබන දායකත්වය හා සහයෝගය විශේෂයෙන් සිහිපත් කල යුතුය.