Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th July 2024 19:45:34 Hours

කාලීන සුමධුර ධර්මදේශනයක්

යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව රණවිරුවන්ගේ ආගමික නැඹුරුව වැඩිදියුණු කිරීම හා රාජකාරියේ නියුතු සියලුම නිලධාරීන් හා සෙසුනිලයින්ගේ ආධ්‍යාත්මික චින්තනය වර්ධනය කිරීම උදෙසා මාසිකව පවත්වනු ලබන කාලීන සුමදුර ධර්ම දේශනාව ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය ආචාර්ය පනාවල ධම්මධජ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් වර්ෂ 2024 ක් වූ ජූලි මස 19 වන දින රෙජිමේන්තු දේශන ශාලාවේදී පවත්වන ලදී.

මාතෘ භූමියේ භෞමික අඛන්ඩතාවය සහ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රණවිරුවන් සිහිපත්කර පිං පැමිණවීම, රණක්ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, දැනට සේවයේ යෙදී සිටින සියලුම රණවිරුවන් හා සිවිල් සේවක මහතුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සියලුම අයවලුන් හට සෙත්පැතීම ප්‍රධාන අරමුණ විය. මෙම ධර්මදේශනය ශ්‍රවණය කිරීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී විය.