Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th July 2019 12:24:10 Hours

ආරක්ෂක ලේකම් තූමන්ගේ රෙම ශ්‍රීලපාහ සංචාරය

ආරක්ෂක අමාත්‍යංශයේ නව ආරක්ෂක ලේකම් ලෙස පත්වු ජෙනරාල් එස්එච්එස් කෝටිටේගොඩ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන මෙම රෙජිමේන්තූවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරයෙකි. හිටපු යුධ හමුදාපතිවරයෙකූ මෙන්ම රෙජිමේන්තූ අධිපති ලෙසද කටයුතූ කල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තූමන් ශ්‍රි ලංකා පාබල හමුදාවටත් යුධ හමුදාවටත් සමස්ථ දේශයටත් වසර 35කට වඩා අග්‍රගණ්‍ය සේවාවක් සිදුකල ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකි. 2019.05.29 දින අරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස වැඩ භාරගත් මෙතුමන් 2019.07.27 දින තම මව් රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි මෙම නිලධාරි තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී මුරහල පසු කර යෑමක් සිදුකිරිමේන් පසු රෙජිමේන්තු අධිපති තූමන් විසින් එතුමන් සරඹ භුමිය අසලදී පිළිගෙන ආචාර පිඨිකාව වෙත කැදවාගෙන යන ලද අතර, එහිදි යුද හමුදා සම්ප්‍රදායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිදුම් ලබන ලදී. ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ නිදහස වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් සමග සමූහ ජායාරූපයකට පෙනීසිටි ආරක්ෂක ලේකම් තුමන් බනිසැර නිවස්නයේදී සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වන ලදී.

තවද ඉන් අනතූරුව සන්ධ්‍ය කාලයේදි රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදි ආරක්ෂක ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝටිටේගොඩ ඩබිලිව්ඩබිලිව්වි ආර්ඩබිලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මැතිණිය වන සෝනියා කෝටිටේගොඩ මැතිණිය වෙනුවෙන් සුහද හමුවක් පැවති අතර මේ සදහා රෙජිමේන්තු අධිපති තූමන් වන මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු සහ එම මැතිණිය වන රෙම ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ලෙස කටයුතූ කරණ ක්‍රිෂානි මුදලිගේ මැතිණිය මෙන්ම සේවයේ යෙදි සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් සහ එම මැතිණියන්ද සහාභාගි වන ලදි. එමෙන්ම ආරක්ෂක ලේකම් තූමාගේ මෙම සංචාරය සිහිකිරිම වස් රෙජිමේන්තු අධිපති තූමන් විසින් සමරු තිලිණයක් ද පරිත්‍යාග කරන ලදි.