Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd March 2020 00:32:48 Hours

අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිල භෝජනාගාරය, නවීන ආපන ශාලාව සහ අංග සම්පුර්ණ ශ්‍රවණාගාරයකින් සමන්විත තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරිම

දිර්ඝ ඉතිහාසයකට උරුමකම් හිමි ශ්‍රී ලංකා පාබල හමුදා සෙබලුන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිකරනු ලැබු මෙම තෙමහල් ගොඩනැගිල්ල අති දැවැන්තවු තවත් එක් සුභසාධන ව්‍යාපෘතියකි. පාබල මේලා වෙළඳ ප්‍රදර්ශණය හා සැණකෙලියෙන් උපයගන්නා ලද මුල්‍ය අරමුදලින් ගොඩනැංවීම ආරම්භකල මහල් තුනකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ බිම් මහල සෙසුනිල භෝජනාගාරයකින් ද, පළමු මහල සෙසුනිලයින් වෙනුවෙන් විවෘත වන ජන අවන්හලක් හා රූපවාහිනි නැරඹුම් මැදිරියකින් ද, දෙවන මහල පුද්ගලයින්1000ක ප්‍රමාණයකට එකවර අසුන් ගතහැකි දේශන ශාලාවකින් ද සමන්විත ලෙස නිර්මාණය කර ඇත.

මෙම ඉදිකිරිම සදහා ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නිරතුරුව අවශ්‍ය උපදෙස් හා මගපෙන්විම ලබාදුන් අතර මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වන කර්නල් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගෙන් ලද සෘජු අධික්‍ෂණයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල මෙතරම් කෙටිකාලයක් තුලදි ඉදිකර අවසන් කිරිමට හේතුවු මුලික අඩිතාලම විය. තවද මේ සදහා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියළුම ඒකක වලින් හා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙබලුන් ලබාදුන් ශ්‍රම දායකත්වය ඉතා අනගිභවනීය බව පැවසිය යුතුමය.

2020.03.02 දිනට යෙදී තිබුන සුභ මොහොතින් මෙම ගොඩනැගිල්ල විවෘත කිරිම සදහා රෙජිමේන්තු අධිපති තුමන්ගේ ගෞරවනීය ආරාධනයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති තුමන් ප්‍රධාන දොරටුව අභියසදි මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන මහත් ගෞරවාන්විත වු කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු යුද හමුදා පොලිස් හේවා බළකායේ පරිවාර රථ පෙරටුකොට ගෙන එතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන එන ලදී. එහිදී යුද හමුදා සම්ප්‍රදායානුකූලව වර්ණ ධජ සහිත අභිමානවත් මෙන්ම අලංකාරවත් සම්මාන පෙළපාලියක් යුද හමුදාධිපති තුමන් හට පිරිනමන ලදී. පසුව උත්සවයේ ප්‍රධාන අංගය වු තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්ථාවට සම්ප්‍රාප්ත වු යුද්ධ හමුදාධිපති තුමන් කොනොනි සමාජ ශාලාව ඉදිරිපිටදි රෙජිමේන්තු අධිපති තුමන් විසින් මහත් හරසරින් පිළිගැනිමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායම පෙරටුකොට තෙමහල් ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව අභියසට සපැමිණි යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදය හා මගුල්බෙර හඩ මධ්‍යයේ සමස්ථ ශ්‍රීලපාහ සෙසුනිලයින්ගේ සුබසාධනය වෙනුවෙන් ඉදිකරන ලද මෙම තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන ලදී.

ඉන්පසු යුද්ධ හමුදාධිපති තුමන් විසින් ශ්‍රීලංකා පාබල හමුදාවේ මංගල හස්ථීයා වන VIII වැනි කණ්ඩුල හට ප්‍රණීත පළතුරු සංග්‍රහයක් ලබාදීමෙන් පසු නිලධාරි නිවස්නයේදි එතුමන් වෙත සූදානම් කරන ලද තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව නව ගොඩනැගිල්ලේ දේශන ශාලාවේදි යුද්ධ හමුදාධිපති තුමන් විසින් පැමිණ සිටි සියළුම නිලයින් අමතා ඉතාමත් කාලෝචිත හා වටිනා දේශණයක් පවත්වන ලදී. තවද මෙම අවස්ථාවට රෙජිමේන්තු මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදී.