Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th October 2018 21:40:46 Hours

අන්තර් රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදිමේ තරගාවලියේ දස්කම් පෑ ශ්‍රිලපාහ ක්‍රිඩකයින්

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ කමිටුව විසින් සංවිධානය කල 6 වන අන්තර් රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදිමේ තරගාවලිය වර්ෂ 2018 ක් වු ඔක්තෝබර් මස 25 සහ 26 දෙදින තුළ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රිඩාගාරය - පනාගොඩහිදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ කමිටුවේ වත්මන් සභාපතීත්වය දරණ ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති හා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ මගපෙන්විමෙන් හා යුද්ධ හමුදා ඔරු පැදිමේ කමිටුවේ උප සභාපති හා ශ්‍රි ලංකා පාබල හමුදා ඔරු පැදිමේ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එන්කේ වඩුගොඩපිටිය ආර්එස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සෘජු අධික්‍ෂණය යටතේ මෙම තරගාවලිය සඳහා ප්‍රථම වරට සහභාගිවෙමින් විශිෂ්ඨ දක්‍ෂතා පිළිඹිබු කල ශ්‍රි ලංකා පාබල හමුදා ක්‍රිඩකයින්, වයස අවු: 26 - 30 කාණ්ඩයේ මිටර් 2000 ( මීටර් 500 x 4 ) සහය තරගයේ රන් පදක්කම, වයස අවු : 21 - 25 කාණ්ඩයේ මිටර් 2000 ( මීටර් 500 x 4 ) සහය තරගයේ ලෝකඩ පදක්කම සහ වයස අවු : 18 - 20 කාණ්ඩයේ මිටර් 2000 ( මීටර් 500 x 4 ) සහය තරගයේ ලෝකඩ පදක්කම දිනාගනමින් සමස්ථ තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනිමට සමත් විය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ගෞරවණිය ආරාධනයෙන් සමාප්ති උළලේ ප්‍රධාන ආරාධිපත අමුත්තා වශයෙන් සපැමිණි ශ්‍රි ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඩබ්ලිව්බීඩීපී ප්‍රනාන්දු ආර්ඩබිලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් ජය සංකේත ප්‍රදානය සිදු කල අතර, තරගාවලිය සඳහා නවකයින් ලෙස ඉදිරිපත්වී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු ශ්‍රිලපාහ ක්‍රිඩකයින් වෙත රෙජිමේන්තු අධිපති තුමා ඇතුලු සියලු නිලයින්ගේ සුභාසිංශන මෙලෙස පිළිගන්වන්නෙමු.