?

Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

13th December 2025 15:35:31 Hours

අභිමානවත් ශ්‍රීලවියාඉබ 76 වන සංවත්සර සැමරුම

අභිමානවත් ශ්‍රීලවියාඉබ 76 වන සංවත්සර සැමරුම

ශ්‍රීලවියාඉබ බළකාධිපති බ්‍රිගේඩියර් එච් ඩී ඒ එන් හෙට්ටිගේ (නි/63460) යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ අභිමානවත් 76 වන සංවත්සරයට සමගාමීව සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන් මාලාවක් ඉකුත් දෙසැම්බර් මස 02 වන දින සිට 12 වන දින දක්වා මෙම බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

දේශය වෙනුවෙන් සටන් වැද ජීවිත පරිත්‍යාග කර සියලුම රණවිරුවන් හට පිං පැමිණවීමත්, රණක්‍ෂිතයට පත් රණවිරුවන්හට ඉක්මන් සුවයත්, දැනට සේවයේ යෙදී සිටින හා විශ්‍රාමික සියලුම නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පතා 2025.12.02 වන දින පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසු දින හීල් දානය මහා සංඝයාවහන්සේලා වෙත පිරිනැමීමෙන් මෙම සංවත්සරය ඇරඹිණ.

සංවත්සර උත්සවයට සමගාමිව 2025.12.05 වන දින රෙම ශ්‍රීලවියාඉබ සේවා වනිතා ශාඛවේ ගරු සභාපති තුමිය වන ශ්‍යාමා හෙට්ටිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රණවිරු පවුල්වල අධ්‍යාපනය ලබන දු දරුවන් හට අභ්‍යාස පොත් හා ශිෂ්‍යත්ව බෙදාදීමේ උත්සවයක්ද රෙම ශ්‍රීලවියාඉබ කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.

තවද බළකා දිනය වෙනුවෙන් බළකායේ ප්‍රෞඩත්වය විදහා දක්වමින් බළකාධිපති වෙත අලංකාරවත් සම්මාන පෙළපාලියක් 2025.12.12 දින පැවැත්වීමෙන් පසු 76 වන සංවත්සරය සමගාමි සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වු අතර, එම අවස්ථාව සඳහා බළකාධිපති ශ්‍රීලවියාඉබ, සේනාවිධායක රෙම ශ්‍රීලවියාඉබ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් බොහෝ පිරිසක් සහභාගි විය.