?

Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

22nd December 2025 12:56:14 Hours

සේවය ඇගයීම - කොමිෂන් නොලත් නිලධාරි

සේවය ඇගයීම - කොමිෂන් නොලත් නිලධාරි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත පැවරී ඇති කාර්ය භාරයෙහි එක් පැතිකඩක් වශයෙන් යුද්ධ හමුදාව තුල භාවිතා කරනු ලබන සියළුම ජීව වෛද්‍ය උපකරණ අලුත්වැඩියාව, නඩත්තු හා නවෝත්පාදනය කිරීමේ කටයුතු ඉටුකරනු ලබයි. තවද, එම කටයුතු හා වගකීම් ඉටුකිරීමෙහිලා මූලික කාර්යභාරය බලකාය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ජීව වෛද්‍ය ස්වාධීන වැඩපල වෙතින් ඉටුකරනු ලබයි.

එම ජීව වෛද්‍ය උපකරණ හා යන්ත්‍ර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ජීව වෛද්‍ය වැඩපලට අනුයුක්තව රාජකාරි ඉටුකරනු ලබන පහත නම් සඳහන් කොමිෂන් නොලත් නිලධාරින් වශයෙන් ඔවුන් විසින් ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙමින් පමණ ප්‍රාදේශීය නියෝජිත ඒජන්ත ආයතනයන් විසින් ඉදිරිපත් කර ඇති රුපියල් මිලියන 10 ක පමණ ඇස්ථමේන්තුගත අළුත්වැඩියාවන් රුපියල් මිලියන 1.5ක පමණ අඩු පිරිවැයක් යටතේ අමතර කොටස් සපයා ගනිමින් ඉතා සාර්ථකව අළුත්වැඩියා කටයුතු ඉටුකරන ලදී.

  • සෙ/629942 කෝප්‍රල් ජයවර්ධන ආර්එම්එස්
  • සෙ/එම්100088 කෝප්‍රල් ද සිල්වා එච්එම්සී
  • සෙ/එම්100105 කෝප්‍රල් ආරියදාස පීඒඑල්එස්
  • සෙ/එම්100158 කෝප්‍රල් කරුණාරත්න ඊඑම්ජේකේ
  • යුද්ධ හමුදා කොමිෂන් නොලත් නිලධාරින් වශයෙන් තම වගකීම හා වෘත්තීය දැනීම උපයෝගී කරගනිමින් තම රාජකාරියෙහි වගකීම පෙරදැඩිකර ගනිමින් ස්වයං අභිප්‍රේරනයෙන් යුතුව ඔවුන් විසින් ඉටුකරන ලද මෙම ක්‍රියාව තුලින් රට මුහුණදී ඇති වත්මන් ආර්ථීක අර්බුධකාරී වාතාවරණය මධ්‍යයේ යුද්ධ හමුදාව වෙතින් රජයට ඉතා විශාල මුදලක් ඉතිරි කරදීමට හැකියාවක් ලැබී ඇත.

    විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ සාමාජිකයින් වශයෙන් ඉහත දැක්වූ කාර්යයන් ස්වයං අභිප්‍රේරනයෙන් යුතුව ඉටුකිරීම හා එම වගකීම නොභියව භාරගැනීමෙහිලා ඔවුන් විසින් සිදුකරන ලද විශිෂ්ඨ සේවය වියාඉ අධ්‍යක්‍ෂ තුමන්ගේ ඇගයීමට ලක්කල අතර, ඒ වෙනුවෙන් ඔවුන් හට සේවය ඇගයීමේ සහතිකපත් බෙදාදීම සිදුකරන ලදී.