Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

18th June 2025 22:13:51 Hours

7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළඇණියේ නව කා:නි අණදෙන නිලධාරී සිය තනතුරෙහි රාජකාරී භාර ගැනිම

7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළඇණියේ නව කා:නි අණදෙන නිලධාරී සිය තනතුරෙහි රාජකාරී භාර ගැනිම

7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළඇණියේ කා:නි අණදෙන නිලධාරී වශයෙන් මේජර් එස්ඒජේ චන්ද්‍රරත්න එල්එස්සී ශ්‍රිලවියාඉබ (නි/68282) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025.06.12 වන දින රාජකාරීය භාර ගන්නා ලදි.

ඒ වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට ගෞරවනීය සම්මාන පෙලපාලියකින් දිනය ආරම්භ විය. මතක සටහනක් වශයෙන් සහ නොමැකෙන උරුමය සංකේතවත් කරමින් රුක් රෝපන උත්සවයක් ඉන් අනතුරුව පැවැත්විනි.

සියළු නිල තේ පැන් සංග්‍රහයකින් වැඩසටහන් මාලාව අවසන් වූ අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඉදිරි කටයුතු සඳහා මෙම බළඇණියේ සියළු අයවළුන් හෘදයාංගමව සුභ පැතුම් පිරි නමන ලදි.