Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

06th June 2025 10:55:14 Hours

නවතමයෙන් පත්වීම් ලැබු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නව බලකාධිපති ධුරයේ වැඩ භාර ගැනීම

නවතමයෙන් පත්වීම් ලැබු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නව බලකාධිපති ධුරයේ වැඩ භාර ගැනීම

ශ්‍රීලවියාඉ බලකායේ 12 වන බලකාධිපති වශයෙන් වියාඉ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2025 ජුනි මස 05 වන දින වැඩ බාර ගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රීලවියාඉබ හිදී සිදුවිය.

එහිදී නව බලකාධිපති හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමා විසින් උණුසුම්ව පිළිගන්නා ලදි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවන්ට මුල්තැන දෙමින් සුබ මොහොතින් රාජකාරී ලිපියකට අත්සන් තබා සංකේතාත්මකව නව බලකාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කිරීම බලකාධිපති කාර්යාලයේදී සිදුවිය. ඉන් අනතුරුව, නව බලකාධිපති තුමන් විසින් භට පිරිස් ඇමතිම සිදුකරන ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රීලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන්, සෙසුනිලයින් බොහෝ පිරිසක් සහභාගි විය.