06th June 2025 10:43:00 Hours
ශ්‍රීලවියාඉ බලකාධිපති වශයෙන් රාජකාරි කළ මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් වසර 35 ක යුද්ධ හමුදා දිවිය නිම කරමින් විශ්‍රාම ගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් රෙම ශ්‍රීලවියාඉබ කඳවුරු පරිශ්‍රෙය්දී 2025 ජුනි මස 03 (අගහරුවාදා) දින සිදු කරන ලදී.
ඒ අනුව සිය සේවයේ අවසන් දිනයේදී රෙම ශ්‍රීලවියාඉබ වෙත පැමිණි මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ඩී ඒ එන් හෙට්ටිගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් උණුසුම්ව පිළිගත් අතර, අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කඳවුරු ආරක්‍ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් ආචාර දැක්වීය. අනතරුව එම අවස්ථාව සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කැටුව රෙම ශ්‍රීලවියාඉබ නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී විය.
අනතුරුව එදින රාත්‍රියේදී නික්ම යන මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් හට රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලද අතර, එහිදී මධ්‍යස්ථාන සේනාවිධායක නිලධාරිතුමන් විසින් එතුමන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට සහ සමස්ථ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවාව ඇගයීමට ලක් කරන ලදී.
විශ්‍රාම ගනු ලබන මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට වියාඉ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු සියලු නිලධාරින් විසින් සමරු තිළිණයක් ප්‍රධානය කරන ලද අතර, අනතුරුව සම්ප්‍රදානුකූලව රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේ මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී සහ එම මැතිණිය එම අවස්ථාව සඳහා සහභාගී වූ සියලු නිලධාරීන්ගේ හරසර මතින් නික්ම යන ලදී.
එම අවස්ථාවේදී මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට සහ එම මැතිනියට සුභාශිංසන එක් කිරීමට ශ්‍රීලවියාඉබ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරු විශාල පිරිසක් සහභාගී විය.