08th February 2025 12:48:34 Hours
ශ්‍රිලවියාඉ බලකායේ බළකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ අධීක්‍ෂණය යටතේ නිලධාරින් හා සෙසුනිලයින්ගේ ක්‍රිඩා කුසලතාවයන් ඔප්නැන්විම මෙන්ම කණ්ඩායම් හැගිම් වර්ධනය කරගනිමින් වියාඉ බළඇණි‚පුහුණු පාසල සහ වැඩපලයන් අතර සුහදශිලිත්වය වැඩිදියුණු කර ගැනිම සහ ඒකකාරිත්වයෙන් මිදිම යන කරුණු පදනම් කර ගනිමින් මෙම වර්ෂයේදි ශ්‍රිලවියාඉබ අන්තර් බළඇණි ක්‍රිකට් සහ කඹ ඇදීමේ තරගාවලි 2025 පෙබරවාරි මස 06 සහ 07 යන දෙදින තුලදි 5 ශ්‍රීලවියාඉබ ක්‍රිඩාංගණයේදි පැවැත්වු අතර, තත් තරගාවලිය මෙම රෙම අධික්‍ෂණය යටතේ සියළු සංවිධාන කටයුතු 5 ශ්‍රීලවියාඉබ සහ ශ්‍රීලවියාඉ (සන්නද්ධ) බළඇණිය මගින් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු සිදු කරන ලදි.
ඒ අනුව අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රීලවියාඉබ බළඇණි‚පුහුණු පාසල සහ වැඩපලයන් වෙතින් කණ්ඩායම් 18 හා සහ කඹ ඇදීමේ තරගාවලිය සඳහා කණ්ඩායම් 15 ක් සහභාගි වි තරග වැදුනු අතර, ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගයෙන් 7 ශ්‍රීලවියාඉබ කණ්ඩායම ශුරතාවය ලබාගත් අතර, එම තරඟාවලියෙ දක්‍ෂතම ක්‍රිඩකයා සහ දක්‍ෂතම පිතිකරුට හිමි කුසලානය දිනා ගැනීමට 7 ශ්‍රීලවියාඉබ කණ්ඩායමේ සෙ/630411 කෝප්‍රල් රුවන් කුමාර ඒපීඑස් යන කොනොනි සහ අවසන් තරඟයේ වීරයාට හිමි කුසලානය දිනා ගැනීමට සෙ/631261 ලා/කෝ බණ්ඩාර එස්එම්සීඅයි යන කොනොනි සමත්විය. තවඳ අන්තර් බළඇණි කඹ ඇදීමේ තරඟාවලියේ අවසන් මහ තරඟයෙන් ශ්‍රීලවියාඉ (සන්නද්ධ) බළඇණිය ශුරතාවය දිනා ගැනීමට සමත් විය.
ශ්‍රිලවියාඉබ අන්තර් බළඇණි ක්‍රිකට් සහ කඹ ඇදීමේ තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ආඥාපති භකාස අණසක (වන්නි) සහ ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් සහභාගි වු අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් බොහෝ පිරිසක් සහභාගි විය