Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

29th January 2025 15:50:34 Hours

මේජර් ජෙනරාල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නිල උසස්විම

මේජර් ජෙනරාල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නිල උසස්විම

මේජර් ජෙනරාල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හට නිල උසස්වීම් ලැබීමෙන් පසු උපහාර පිදිමේ උත්සවයක් 2025 ජනවාරි 29 වන දින රෙම ශ්‍රිලවියාඉබ කදවුරු පරිශ්‍රයේදි සිදු කරන ලදී.

එහිදි මේජර් ජෙනරාල් සී කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරී හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කදවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමන ලදී.

තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ආඥාපති භකාස අණසක (වන්නි) සහ ශ්‍රිලවියාඉබ බලකාධිපති මේජර් ජෙනරාල් ටී ඒ පිරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ව බලකාධිපති නිල කාර්යාලයේදි හමුවු අතර, එහිදි එතුමන්ගේ සුභාශිංසන පිරිනමන ලදි.

මෙම අවස්ථාව සදහා ශ්‍රිලවියාඉබ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, සේනාවිධායකවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් බොහෝ පිරිසක් සහභාගි විය.