11th December 2024 18:09:00 Hours
ශ්‍රීලවියාඉ බලකායේ 11 වන බලකාධිපති වශයෙන් ආඥාපති භකාස අණසක (වන්නි) මේජර් ජෙනරාල් ටී ඒ පීරිස් පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 දෙසැම්බර් මස 10 වන දින වැඩබාර ගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රීලවියාඉබ හිදී සිදුවිය.
එහිදී නව බලකාධිපති හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමා විසින් උණුසුම්ව පිළිගන්නා ලදි.
ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවන්ට මුල්තැන දෙමින් සුබ මොහොතින් රාජකාරී ලිපියකට අත්සන් තබා සංකේතාත්මකව නව බලකාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කිරීම බලකාධිපති කාර්යාලයේදී සිදුවිය.