11th November 2024 19:05:34 Hours
2030 වර්ෂය වන විට අඩු පිරිවැයකින් දක්ෂ සහ තාක්ෂණිකව දියුණු හමුදාවක් බවට පත්කිරීමේ වැදගත් පියවරක් ලෙස යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ විය. ඒ අනුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය කොළඹ මැලේ වීදියේ සිට කොස්ගම, සාලාව ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපනය කොට 2024 නොවැම්බර් මස 11 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් විවෘත කරන ලදී.
එම පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත 1 සංඥා බලසේනාවේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාවේ සමස්ත මෙහෙවර සඳහා ඔවුන්ගේ දායකත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග සැලසුමට අනුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, 1 සංඥා බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 11 සහ 12 බලඇණිය ශ්‍රී ලංකා සංඥා බලකායන්හි අණදෙන නිලධාරීන් වෙත ‘කඳවුරු භූමි හිමකම් සන්නස් පත්‍රය’ නිල වශයෙන් පිළිගන්වන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන් අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි. උත්සවය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් ඡායාරූප කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.