Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

28th July 2024 16:52:41 Hours

සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාව සහ දෙරණ මාධ්‍ය ජාලය එක්ව පවත්වනු ලැබු 72 වන මනුසත් දෙරණ ප්‍රජා සත්කාරක ‍සේවා වැඩසටහන

සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාව සහ දෙරණ මාධ්‍ය ජාලය එක්ව පවත්වනු ලැබු 72 වන මනුසත් දෙරණ ප්‍රජා සත්කාරක ‍සේවා වැඩසටහන

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා බලකාධිපති මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි නන්දනී සමරකෝන් මැතිණියගේ සුභසාධන සංකල්පයකට අනුව යුද්ධ හමුදා නිලධාරී/සෙසුනිල/සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට හා සිවිල් ප්‍රජාව සඳහා සුභසාධනය ලබා ගත හැකි පරිදි දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ 72 වන ප්‍රජා සත්කාරක සේවා වැඩසටහන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සංවිධානත්වයෙන් යුතුව ගලේවෙල මප/ග/සිල්වත්ගල මහා විද්‍යාලීය පරිශ්‍රයේදී 2024.07.27 දින සාර්ථකව පවත්වන ලද අතර, එම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය සහභාගි වූ අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන් එහි ගෞරවණීය ආරාධිත අමුත්තෙකු වශයෙන් සහභාගි විය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා බලකාධිපති මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි නන්දනී සමරකෝන් මැතිණියගේ සුභසාධන සංකල්පයකට අනුව යුද්ධ හමුදා නිලධාරී/සෙසුනිල/සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට හා සිවිල් ප්‍රජාව සඳහා සුභසාධනය ලබා ගත හැකි පරිදි දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ 72 වන ප්‍රජා සත්කාරක සේවා වැඩසටහන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සංවිධානත්වයෙන් යුතුව ගලේවෙල මප/ග/සිල්වත්ගල මහා විද්‍යාලීය පරිශ්‍රයේදී 2024.07.27 දින සාර්ථකව පවත්වන ලද අතර, එම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය සහභාගි වූ අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන් එහි ගෞරවණීය ආරාධිත අමුත්තෙකු වශයෙන් සහභාගි විය.

  • වකුගඩු රෝගී මුල් අධියර පරීක්‍ෂාවන් 850 ක් සිදු කිරිම. ඇස් පරීක්‍ෂා කර නොමිලේ ඇස් කණ්නාඩි 450 ක් ලබා දීම. නිරාහාර කොලෙස්ට්‍රෝල් පරීක්‍ෂාවන් 150 ක් සිදු කිරීම. නිරාහාර රුධිරයේ සීනි පරීක්‍ෂා කිරීම. (150 ක පිරිසකට) පෙනහළු පරීක්‍ෂා කිරීම. (300 ක පිරිසකට) ප්‍රදේශයේ පාසල් දෙකක් සඳහා ක්‍රිඩා උපකරණ කට්ටල ලබාදීම මප/ග/සිල්වත්ගල මහා විද්‍යාලීය ගුරු භවතුන් සහ සිසු දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා වතුර ෆිල්ටරයක් පරිත්‍යාග කිරීම. KIU ආයතනයේ අනුග්‍රාහකත්වය යටතේ ජපානයේ රැකියා ඇබෑර්තූන් සඳහා ප්‍රදේශයේ තරුණ/තරුණියන් 100 දෙනෙකු තෝරා ගැනීම. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතින් ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ එක්දින සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  • එමෙන්ම, ඉහත ප්‍රජා සත්කාරක සේවාවන්ට අමතරව එම ප්‍රදේශයේ ජනතාවට යුද්ධ හමුදාවේ දායකත්වයෙන් සුභසාධන ප්‍රතිලාභ අත්කරදීමට හා ජාතික මෙහෙවරකට දායකවීමේ අරමුණින් පහත සඳහන් පරිත්‍යාග වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට කටයුතු කරන ලදි.

  • ප්‍රදේශයේ දුෂ්කර පාසල් 08 ක ඉගෙනුම ලබන දූ දරුවන් සඳහා පාසල් පාවහන් කට්ටල 150 ක ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම. ප්‍රදේශයේ දුප්පත් පවුල් 400 ක් සඳහා වියලි සලාක ඇතුලත් පාර්සල් පරිත්‍යාග කිරීම. ප්‍රදේශයේ ගැබිණි මාතාවන් 20 දෙනෙකු හට පෝෂණ ආහාර ඇතුලත් වියලි සලාක පාර්සල් පරිත්‍යාග කිරීම. මප/ග/සිල්වත්ගල මහා විද්‍යාලයේ සංගීත කාමරය අලුත්වැඩියා කිරීම හා රුපියල් ලක්‍ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුතු සංගීත භාණ්ඩ ලබා දීම. යුද්ධ හමුදා සාමාජිකයින් සහ එම ප්‍රදේශයේ සිවිල් ජනතාවද එක්ව ජාතික ලේ බැංකුව වෙත රුධිරය පරිත්‍යාග කිරීම. ප්‍රදේශයේ දන්ත රෝග පවතින අයවලුන් හට දන්ත වෛද්‍ය සායනයක් පැවැත්වීම.
  • දෙරණ මාධ්‍ය නාලිකාව සමඟ එක්ව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව මඟින් සංවිධානය කරන ලද මෙම උත්සවයෙහි සමාරම්භය චිරාගත සම්ප්‍රදායුනුකූලව පොල් තෙල් පහන් සිළු දල්වමින් ආරම්භ කරනු ලැබූ අතර, වැඩසටහනෙහි අරමුණු සහ පරමාර්ථයන් නිවේදක ශිල්පීන් විසින් උත්සව සභාවට හඳුන්වා දෙන ලදි. ඉන් පසු යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරකින ලදි.

    පරිත්‍යාග ලබා දීමට ප්‍රථම මප/ග/ සිල්වත්ගල මහා විද්‍යාලයේ දූ දරුවන් විසින් ඉදිරිපත් කරන ලද මනරම් රංගනයන්ගෙන් උත්සව භූමිය වර්ණවත් කරනු ලැබූ අතර, පසුව එක් එක් අධියරයන් වශයෙන් පරිත්‍යාගයන් ලබාදීම ආරම්භ කරන ලදි. මෙහිදී පළමු අධියර වශයෙන් මනුසත් දෙරණ ආයතනය වෙතින් සිල්වත්ගල මහා විද්‍යාලය වෙත හා මොරගොල්ල මහා විද්‍යාලය වෙත ක්‍රීඩා උපකරණ කට්ටල දෙකක් පිරිනමනු ලැබූ අතර, Aqulife Water ආයතනය වෙතින් හොම්බාව මහා විද්‍යාලය වෙත වතුර ෆිල්ටරයක් පරිත්‍යාග කරන ලදි.

    ත්‍යාග ලබාදීමේ දෙවන අධියරේදී වැඩසටහනෙහි නියමුවානන් හා නියමුවරිය වූ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රීලවියාඉබ බලකාධිපති සහ සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛා ගරු සභාපතිතුමියගේ සුරතින් ප්‍රදේශයේ දුෂ්කර පාසල් 08 ක ඉගෙනුම ලබන දූ දරුවන් 150 ක් සඳහා සේවා වනිතා ශ්‍රීලවියාඉබ ශාඛාවෙහි අනුග්‍රහයෙන් හා පරිත්‍යාශීලීන්ගේ දායකත්වයෙන් ඉතා වටිනා පාසල් පාවහන් කට්ටල පරිත්‍යාග කිරීම සංකේතවත් කරමින් එම පාසල් නියෝජනය කරමින් පැමිණි දූ දරුවන් 20 දෙනකු හට පාසල් පාවහන් පිරිනැමීම සිදු කරන ලදි.

    ඉන් පසු ඇස් කණ්ණාඩි ලබා ගැනීම සඳහා පැමිණි අයවලුන් අතුරින් 20 දෙනෙකු හට ඇස් කණ්ණාඩි පිරිනැමීම යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ගරු සභාපතිතුමියගේ සුරතින් සිදුකරනු ලැබූ අතර, අනාගත ලෝකයට දරු සම්පතක් තිළිණ කරන්නට උතුම් වූ මාතෘත්වයෙන් පුද ලද ගර්භණී මාතාවන් 20 දෙනකු හට නිරෝගිමත් දරුවෙකු මෙලොවට බිහි කරන්නට ඔවුන් හට ශක්තියක් වීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහයෙන් ලබා දෙන ලද පෝෂණ ආහාර ඇතුලත් සලාක මළු පිරිනැමීම සංකේතවත් කරමින් සලාක මළු 10 ක ප්‍රමාණයක් පිරිනමන ලදි. එමෙන්ම, ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් අතුරින් තෝරාගත් දුෂ්කර පවුල් 400 ක් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකක පූර්ණ අනුග්‍රහයෙන් ලබා දෙන ලද වියලි සලාක ඇතුලත් ආහාර පාර්සල් පිරිනැමීම සංකේතවත් කරමින් පාර්සල් 10 ක ප්‍රමාණයක්ද යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ගරු සභාපතිතුමියගේ සුරතින් පිරිනැමීමට කටයුතු කරන ලදි.

    පරිත්‍යාග ප්‍රධානෝත්සවයෙහි ගෞරවණීය ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන්ගේ සුරතින් මප/ග/සිල්වත්ගල මහා විද්‍යාලය වෙත රු:300,000.00 කට අධික වටිනාකමින් යුත් සංගීත උපකරණ කට්ටල පිරිනමනු ලැබූ අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ගරු සභාපතිතුමියගේ සුරතින් ප්‍රදේශයේ දුප්පත් පවුල් සඳහා වියලි සලාක මළු ලබාදීම සංකේතවත් කරමින් මහත්ම මහත්මීන් 10 දෙනකු හට වියලි සලාක මළු හා ගර්භණී මාතාවන් 10 දෙනෙකු හට පෝෂණ ආහාර ඇතුලත් සලාක මළු 10 ක ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදි.

    පරිත්‍යාග ප්‍රධානෝත්සවය අතරතුර ‘දෙරණ ලිට්ල් ස්ටාර්’ විවිධ අධියරයන්හි අති දක්‍ෂතා දැක්වූ හපනුන් හට ඔවුන්ගේ හැකියාවන් උත්සව සභාව ඉදිරියේ විදහා දැක්වීමටද අවස්ථාව සලසා දුන් අතර, ඔවුන්ගේ මියුරු ගීත ගායනයෙන් හා ශ්‍රීලවියාඉබ අධිරිද්ම සංගීත කණ්ඩායමේ සංගීත ස්වරයෙන් උත්සව සභාව වර්ණවත් කරන ලදි.

    පරිත්‍යාග ප්‍රධානෝත්සවයෙහි අවසන් අධියර වශයෙන් 5 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළඇණියෙහි අණදෙන නිලධාරීතුමා ඇතුළු නිලධාරීන්, සෙනීන්ගේ පූර්ණ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් මප/ග/සිල්වත්ගල මහා විද්‍යාලයේ අබලන්ව පැවති සංගීත කාමරය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර එය සිසුන්ගේ අයිතියට පත් කිරීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන්ගේ හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකක ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිනියගේ සුරතින් සිදු කරන ලදි.

    වැඩසටහන අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රජා සත්කාරක සේවාවන් පවත්වාගෙන යන ලද විදුහල් භූමියෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වැඩසටහන වෙතින් ප්‍රථිලාභ ලබා ගැනීම සඳහා පැමිණි සිවිල් ජනතාව සමඟ සුහද කතා බහකද නිරත විය.

    මෙම ප්‍රජා සත්කාරක සේවා හා පරිත්‍යාග වැඩසටහන සඳහා ශ්‍රීලවියාඉබ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, දෙරණ මාධ්‍ය ජාලයේ සහ මනුසත් දෙරණ කාර්යය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, වෛද්‍ය කාර්යය මණ්ඩල සාමාජික සාමාජිකාවන්, අනුග්‍රාහක භවතුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්, පාසල් දූ දරුවන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගි විය.