Header Sinhala

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු
රෙජිමේන්තුව

නිපුණත්වයෙන් රණබිමට

12th July 2024 16:35:33 Hours

මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිල උසස්විම

මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිල උසස්විම

මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට නිල උසස්වීම් ලැබීමෙන් පසු උපහාර පිදීමේ උත්සවයක් 2024 ජුලි මස 12 (සිකුරාදා) වන දින රෙම ශ්‍රිලවියාඉබ කඳවුරු පරිශ්‍රයේදි සිදු විය.

එහිදි මේජර් ජෙනරාල් එස් ඒ එන් ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු ආරක්ෂක මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමමින් එතුමන්ව උණුසුම්ව පිලිගැනීම රෙජිමේන්තු මධ්‍යස්ථානය රෙම ශ්‍රිලවියාඉබ හිදි සිදු විය.

තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රිලවියාබ බලකාධිපති මේජර් ජෙනරාල් එස් පී ඒ අයි එම් බී සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බලකාධිපති නිල කාර්යාලයේදි හමුවු අතර, එහිදි එතුමන්ගේ සුභාශිංසන පිරිනමන ලදි. අනතුරුව සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සමග සමුහ ජායාරූපයකට පෙනි සිටි අතර, රෙම ශ්‍රිලවියාඉබ නිලධාරි නිවස්නයේදි එතුමන් වෙනුවෙන් පැවැත්වු විශේෂ තේ පැන් සංග්‍රහය සඳහා එක් විය.

මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක ඩී ඒ සිරිමාන්නගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරින්, නිලධාරින් සහභාගි විය.